😈chapter 14😈

2.1K 409 107
                                    

Chapter 14

👈

"ඉතින් මං හිතන්නේ මේවා කතා කරන්න කාලේ හරි කියලා Mr.qiren.. වන්ග් පවුලේ පුතාලට ඉතින් යැන්ග් පවුලෙන් හැමදාම කෙල්ලෙක් දුන්නනේ.. පරම්පරා ගාණක ඉදන් ඒවා වෙන දේවල්නේ මිස්ටර් කිරන්.. කොහොමත් නෑනව අයිති මස්සිනාටලුනේ... "

යැන්ග් කියද්දී කිරන් ලා හිනාවක් දැම්මා.. යීබෝ මුකුත් නොකියා කෑම ගද්දී කාමරේ ඇතුලේ හිටිය ජාන් කට කොනකින් හිනා උනා....

"ඉතින් මිස්ටර් කිරන්.. අපේ ඈන්ගෙයි යීබෝගෙයි කටයුත්තත් දැන් කෙරෙන්න කාලේ හරිනේ.... "

👉

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

මිස්ටර් යැන්ග් කියද්දී කට පුරෝගෙන කකා හිටිය ඈන්ට කාපුවා හිර වෙලා කැස්සක් ආවා...

"කැහ්.. කැහ්... අහ්.. ඩැඩී.. මොනාද මේ කැහ්.. කියන්නේ... "

ඈන් කිව්වේ කැස්ස අතරෙම පුදුම වෙලා මිස්ටර් යැන්ග් දිහා බලලා..

"අපේ දුවත් දන්නේ නෑ ඉතින්.. ඒත් මේවා ඉක්මන් කරන එක හොඳයි නේද මිස්ටර් කිරන්.. "

යීබෝගේ ග්‍රැනී ඈන්ට වතුර ටිකක් දෙද්දී ඈන් ඒක බීගෙන බීගෙන ගියපු විදිහට යීබෝගේ කට කොනකට හිනාවක් ඇඳුනා..

"ඒක ඇත්ත මිස්ටර් යැන්ග්.. මේවා ඉතින් කෙරෙන්න ඕනි තමයි. අපි මේ දෙන්නගෙන්ම අහලා බලමූ නේද.. "

කිරන් ඇහුවේ ඇහැ යටින් යීබෝ දිහා බලලා...

"මෙහෙමයි යැන්ග් අන්කල් ඉතින්.. මගේ නම් අකමැත්තක් නෑ.. ඒත් ඈන් පොඩි වැඩි නෑද මාත් එක්ක හැප්පෙන්න... "

යීබෝ කිව්වේ කිසිම ගානක් නැතුව.. යීබෝ එහෙම කියද්දී ඈන්ට ආයේ බිබී හිටිය වතුර එකත් හිර උනා...හැබැයි මේ පාර නම් ග්‍රැනීත් හිටියේ පුදුම වෙලා යීබෝ දිහා බලාගෙන...

"කැහ්.. කැහ්.. මේ.. මේ... යීබෝ ගගා.. ඩැඩී ඔයාලා මේ මොනවද කියවන්නේ.. පිස්සුද ආහ්... මාව මේ මනුස්සයාට බන්ඳන්න හදන්නේ... "

ඈන් පුටුවෙන් නැගිටලා කෑ ගහන්න ගත්තා..

"දුව මොකෝ මේ.. කෝ තමුන්ගේ මැනර්ස්.. වාඩි වෙනවා... මේවා ඉස්සර ඉදන් අපේ පවුලේ උන දේවල්.. "

HIDDEN DEVILS 😈🔎 (Completed) Opowieści tętniące życiem. Odkryj je teraz