😈chapter 26😈

1.9K 369 78
                                    

Chapter 26

👈

"Good Morning Mr.Marco... "

ඒ ඇහුන ගැඹුරු කටහඬ පැත්ත මාකෝ බැලුවේ බොඳ වෙවී පේන රූපේ පැහැදිලි වෙනකන්..

කට කොනකින් හිනා වෙලා සීතල නපුරු බැල්මක් එක්ක හිටිය ඒ මූණ දැකපු ගමන් මාකෝව ගැස්සිලා ගියා...

👉

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

"මා.. මාස්..ටර්... ලි...යෝ...... "

මාකෝ ගැහෙන හඬකින් කියද්දී කට කොනකින් හිනා උන යීබෝ සිගරට් එකක් අරන් පත්තු කරගත්තේ කකුලක් පිට කකුලක් දාන් වාඩි වෙන ගමන්....

"ලයන්ස්ලාට මාව දැකපු ගමන් අඳුරගන්න පුලුවන් තරම් මං ප්‍රසිද්ධයි වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ලයන්ස්ලාට මාව දැකපු ගමන් අඳුරගන්න පුලුවන් තරම් මං ප්‍රසිද්ධයි වගේ... "

යීබෝ කිව්වේ සිගරට් එකෙන් එක පාරක් ඇඳලා හෙමීට දුම් ටික පිට කරන ගමන්..

"ඇ... ඇයි... මාව... "

ඇත්තටම මාකෝට කතා කරගන්න වචනවත් එන්නේ නැති තරම් බය වෙලා තිබුනා... ඒක සාමාන්‍යයි.. මාස්ටර් ලියෝ කියන නමට මාෆියා ලෝකේ ඕන කෙනෙක් ගැහෙනවා... ඕනම කෙනෙක්....

ඒත් යීබෝගෙන් උත්තරයක්වත් නෑ.. කොහොමත් යීබෝගේ වචන භාවිතය අඩුයි කියන්න මාකෝ දැනගෙන හිටිය නිසා හිටියේ තොල කට වේලෙන්න අරන්...

"තමුන් අපිට වරදක් කරලා නැත්නම් බය වෙන්න දෙයක් නෑ මිස්ටර් මාකෝ.... "

ඒ ගැඹුරු හඬ ඇහුනේ මාකෝගේ පිටිපස්සෙන්.. ඒත් හඬ විතරයි... රූපයක් නෑ... පුටුවේ ගැටහහලා හිටිය මාකෝට ඒ හඬ ඇහුන දිහාට හැරෙන්න බැරි උනත් මාකෝ ඔලුව විතරක් පැත්තකට හැරෙව්වා....

"මො... මොනාද මගෙන්.. ඕනි... "

මාකෝ ටිකක් ඒ පැත්ත හැරිලා ඉඳලා ආයේ ඉස්සරහා හැරිලා ඇහුවේ යීබෝගෙන්... යීබෝ කට කොනකින් හිනා වෙලා මුකුත් නොකියා ඔලුව බෙල්ල වටේට රවුමක් කැරකෙව්වේ ඇස් පියාගෙන... එහෙන්ම ඔලුව ඉදගෙන හිටපු පුටුවට හේත්තු කරගත්තා..

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now