😈Chapter 37😈

1.9K 364 107
                                    

Chapter 37

👈

"මගේ නින්දත් උබ අරගෙන මහත්‍තයෝ.. දැන් ඒ සුවඳ නැතුව මට නින්ද යන්නෙත් නෑ.. ඉතින් කොහොමද ජාන් මං උබ නැතුව ජීවත් වෙන්නේ...?? "

යීබෝ එහෙම කියලා ඒ කොට්ටේ උඩින් ඔලුව තියාගත්තා...

"මං ආදරෙයි මගේ ජාන්... "

👉

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

යීබෝගේ ගෙදරින් කෙලින්ම මමාවයි නංගිවයිත් එක්කගෙනම ජාන් ගියේ එයාගේ ගෙදරට.. දැන් අනතුරක් නැතත් නංගිවයි මමාවයි දැන්ම ඒ ගෙදරට යවන්න ජාන්ට ඕනි උනේ නෑ..

ජාන්ගේ wooden house එක තවමත් ඒ විදිහටම තිබ්බේ මේරි හැමදාම ඒක අස්කරලා තිබ්බ නිසා...

ජාන් යීයි මමායි එක්ක ගේ ඇතුලට ගිහින් ඒ දෙන්නාට රූම් එකක් ඇරේන්ජ් කරලා දුන්නා..

"චූටි පුතා මොකක්ද ලමයෝ මේ කරන්නේ.. ඇයි සුදු පුතා එක්ක ඩිවෝස් වෙනවා කිව්වෙ... "

මමා ඇහුවේ අගක් මුලක් නොතේරෙද්දී.. යී නම් උන හැම දෙයක්ම දන්න නිසා ඕවට මුකුත් කියන්න ගියේ නෑ..

"මට මහන්සියි මමා.. මං උඩට යනවා.. ඔයාලා මෙහෙ ඉන්න.. හෙට ඉදන් මං පුරුදු විදිහට වැඩ පටන් ගන්නවා... "

ජාන් මමාගේ ප්‍රශ්නෙට උත්තර නොදීම උඩට ගිහින් එයාගේ කාමරේට ගියා.. ලැප් එක දිග ඇරලා එයාගේ ඩිටෙක්ටිව් සීන්ගේ ඔෆීශියල් මේල් එකට ගිහින් ඇවිත් තියෙන මේල් ඔක්කොම චෙක් කරලා අලුතෙන්ම ආව ටික බලන්න ගත්තා..

එහෙන්ම එවලෙම ජාන් කෝල් කලේ ඔෆිසර් ශූයැන්ග්ට...

"හෙලෝ ඩිටෙක්ටිව් සීන්... කාලෙකින්.. කොහෙද දෙයියනේ අතුරුදහන් වෙලා හිටියේ...?? "

"අර හොටෙල් රූම් එකෙන් හම්බුන බොඩි එකේ කේස් එක හෙට මට ෆයිල් කරන්න මිස්ටර් ශූ.  මං හෙට උදේ එන්නම්.. "

ශූගේ එක ප්‍රශ්නයකටවත් උත්තර නොදී එහෙම කියපු ජාන් කෝල් එක කට් කරලා ලැප් එක පැත්තකින් තිබ්බා.. එයාට ඕනි උනේ යීබෝව අමතක කරලා වැඩ එක්ක බිසී වෙන්න..

ජාන් එහෙන්ම නිදාගන්න ඇඳට ගියත් ජාන්ට නින්ද ලඟකටවත් ආවේ නෑ.. ජාන්ට මතක් උනේ කවදාවත් අඬන්නේ නැති මාස්ටර් ලියෝ එයා ඉස්සරහා අඬපු විදිහ..

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now