😈Chapter 32😈

1.7K 351 160
                                    

Chapter 32

👈

දෙන්නාම ඇඳේ ලොකු කල්පනාවක ඉදලා මුලින්ම ජාන් කතා කලා..

"යීබෝ... දැන් වැඩ පටන් ගන්න කාලේ හරි වගේ..."

"හ්ම්... ඔව් ජාන්.. දැන් හිතන්න කාලයක් නෑ තව.. පටන් ගමූ.. "

👉

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

"ජාන්... පහලට යමුද...?? "

"යීබෝ... මට චූටිට මූණ දෙන්න බෑ යීබෝ.. එයාව බේරගන්න කියලා කෑ ගහද්දී එයාගේ ගගා විදිහට මට මුකුත්ම කරගන්න බැරි උනා.. මට තේරෙන් නෑ මං මෙච්චර careless උනේ කොහොමද කියලා.. එතන අනතුරක් තියෙනවා කියලා දැනී දැනී මං මෝඩයෙක් වගේ දුවපු එකෙන් උනේ ඔයායි නංගියි මායි තුන් දෙනාම අනතුරේ වැටුන එක.. කුවාන් ආවේ නැත්නම්........ "

ජාන් කියාගෙන යද්දි ජාන්ගේ ඇස් වල කඳුලු පිරිලා තිබුනා.. යීබෝ ඉක්මනට ඇඳට ගිහින් ජාන්ව තුරුල් කරගෙන ඒ මූණ පුරාම සිපුම් තියන්න ගත්තේ ජාන්ව සනසන්න....

"ඒක දැන් වෙලා ඉවරනේ ජාන්.. හිතන්න එපා ඒ ගැන.. තමන්ගේ කෙනෙක්ට කරදරයක් වෙයි කියලා දැනෙද්දී ඕන කෙනෙක් හැසිරෙන්නේ ඔහොම.. ඔයා කොච්චර කල්පනාකාරී උනත් ඔයාගේ නංගී කෑ ගහද්දී ඉවසන්න බෑ කියලා දන්නවා.. මොකද ඔයා දුවද්දී ඔයාට කරදරයක් වෙයි කියන බයට මාත් දුවන් ආවේ මෝඩයෙක් වගේ.. ආදරේ කියන්නේ ඒකට.. ඒ වෙලාවට තමන්ගේ ජීවිතේ ගැන හිතෙන්නේ නෑ... "

"ඒත් යීබෝ.. මං නිසා....... "

"ශ්.. ශ්.. ඇති.. යමු පහලට.. මමාව ශේප් කරගන්නත් ඕනි.. යමුකෝ.. ම්න්. ඔහොම ඉන්න එපා ජාන්.. ඔය තමුසේ නෙමෙයි හලෝ... මට මගේ යක්ෂ පැටියාව ඕනි.. කෝ නැගිටපිය ඉතින් දැන්... "

යීබෝ කිව්වේ ජාන්ව නැගිට්ටවලා පස්සට එකක් ගහන ගමන්..

"නැගිටලා එනවා.. පහලට.. මට මගේ නැන්දම්මා ශේප් කරගන්න තියෙයි.. "

ජාන් යීබෝට රව රව wash room එකට යද්දී යීබෝ පහලට ආවා... ජාන්ගේ මමා නම් පේන්න නොහිටියත් නංගී සෙටියක් උඩ වාඩි වෙලා හිටියා.. කුවාන් එයාට කිරි එකක් දික් කරන් එතනම බිමින් ඇණ තියාගෙන හිටියා...

"චූටී... "

යීබෝ කතා කරද්දී යී ඔලුව උස්සලා බැලුවේ යීබෝ දිහා..

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now