😈chapter 13😈

2.2K 419 146
                                    

Chapter 13

👈

"යීබෝ ඔයා ඒක බොරු එකක් කියලා හොයාගත්තේ නැත්නම් මෙච්චර ඉක්මන්ට හොයන්න වෙන් නෑ.. තෑන්ක්ස්.. තමුසේ වගේ දක්ෂ පාට්නර් කෙනෙක් ඉන්න එකේ ටිකක් සැර කේස් එකක් එනවා නම් ආසයි දැන්.... "

ජාන් කිව්වේ දෙන්නම බෝට් එකට නඟිද්දී..

👉

😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎😈🔎

"මාස්ටර්..... මාස්ටර් දෙයියනේ මේ මොකද..?? මං කිව්වා මං කිව්වා මං එන්නම් කියලා.. ආයේ නම් තනියම ලෑස්ති වෙන්න එපා.. මොනා වෙලාද මාස්ටර් මේ.."

දෙන්නම බෝට් එකෙන් බැහැලා එද්දී ඉස්සරහට ආපු කුවාන් කෑ ගහන්න ගත්තා..

"පොඩි තුවාලයක් බන්... "

"මේ මුලු ඇගේම කුණු... කොහෙ රිංගුවාද මාස්ටර්... "

"එහාට පලයන් කුවාන්.. මං පොඩි එකෙක් කියලා හිතුවද... මඟුලක් කියවන්නේ... "

යීබෝ පුපුර පුපුරම වේගෙන් ගේ ඇතුලට යද්දී ජාන් එලියේ ඉදන් හිනා වෙවී බලන් හිටියා...

"මිස්ටර් ජාන්... මාස්ටර්ට මොනා උනාද... "

"පොඩ්ඩක් ලිස්සුවා කුවාන්.. වැඩිය හිතන්න එපා.. මං බෙහෙත් දැම්මා.. "

"අනේ මන්දා.. මං කිව්වා යන්න එපා කියලා තනියම.. මාස්ටර් චීනේට ආපු දවසේ ඉදන් වෙනස් හොඳටම... ඉස්සර හිටපු මාස්ටර් නෙමෙයි දැන් ඉන්නේ... "

කුවාන් කිව්වේ ජාන් එක්ක ඇතුලට යන ගමන්...

"ඇයි කුවාන් එහෙම කියන්නේ... "

"ඉස්සර මාස්ටර් ඔහොම නෑ මිස්ටර් ජාන්.. හරි දරදඬු මිනිහෙක්.. මං නැතුව කොහෙවත් යන් නෑ.. ඔය එහෙ මෙහෙ රවුම් ගහන වැඩ හරියන්නෙම නෑ ඉස්සර.. චීනෙට ආවම කරන්න දෙයක් නැති වෙනවා කියලා එන්නත් බෑ කිව්වා... "

"ඉතින්.... ආවේ...?? "

"මිස්ටර් වන්ග්ව බලන්න ආවේ.. ආපු ගමන් ඒ මනුස්සයත් නැති උනා.. සතියෙන් ආයේ ඉතාලි යන්න ආවේ.. දැන් නම් යන්න හිතක් නෑ.. පුදුමයි මාස්ටර් ඉන්න විදිහ.."

"මොනාද යීබෝ එහෙ කලේ කුවාන්. "

"එහෙ මොනාද කරන්න නැත්තේ මිස්ටර් ජාන්.. අපි ඕන තරම් බිස්නස් ඩීල් කරනවා.. ඒ හැමදේම හැන්ඩ්ල් කරන්නෙ මාස්ටර්.. ඒ නැතත් මාස්ටර් ඉන්නේම අපේ training island එකේ.. මාස්ටර් ආසම දවසම ඒකේ ඉන්නේ.. එයාගේ දක්ෂතා තව වැඩි කරගන්න... මෙහෙ ඇවිත් මාස්ටර් ඔහේ කාලේ කනවා.. "

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now