ටේහ්යුං කෑ ගහලා ජන්කුක්ගේ මූණටම ඇහුවා... ජන්කුක්ට එයාගේ අසරණකම ගැන කියාගන්න වචන නෑ... මොනා කරන්නද? ජන්කුක්ට පුලුවන් උනා නම් පැනලා යන්න එයා මෙලහකටත් ගිහින් ඒත් එයාට එහෙම කරන්න බෑ... ජන්කුක්ට අඩුම කෑ ගහන්නවත් බැරි වෙද්දී හිතත් ගොඩක් සියුමැලි එයා මොනවා කියලා කරන්නද වෙන දේ බලාගෙන ඉන්නවා ඇරුනාම...

"ටේහ්යුං අපි කතා උනා ඒ ගැන දැන්මම කතා කරන්නේ නෑ කියලා... ඒ ලමයට පොඩි විවේකයක් දෙන්න... අනික ඔහොම හැම වෙලේම යකෙක් වගේ එයාගේ ඇගට කඩා පනින එක නවත්තනවා... තමුසෙට අලි කුලප්පුව උනාට අනිත් අයට එහෙම නෑ..."

ජිමින්ට තරහා ගිහින් එයා ටේහ්යුංට කෑ ගැහුවා... ජිමින් හරි මේ මොහොතේ ජන්කුක්ගෙන් ඒ ගැන අහන එකත් වැරදී, ජන්කුක් මේ මොහොතේ ඕක කියන්නෙත් නෑ... ටේහ්යුං හැම වෙලේම ජන්කුක්ව බය කරන එකටත් ජිමින් මෙවෙලේම කෑ ගැහුවා... ටේහ්යුංගේ ප්‍රශ්න විසදන ක්‍රමය හැම වෙලේම අතින් පයින් උනාට හැමෝටම එහෙම බෑනේ... ටේහ්යුං ටිකක් ඉවසන්න පුරුදු වෙන්න වෙනවා...

ටේහ්යුං එතන තිබුණේ ටිං එකකටත් පයින් ගහලා තරහින් කොණ්ඩේ ඇද ගත්තා... ටේහ්යුංට ගොඩක් තරහා ගිහින් තිබුණා උන දේත් එක්ක, ජිමින්ටත් එහෙමයි... ඒත් ජිමින් ටේහ්යුං වගේ අතින් පයින් විතරක් ප්‍රශ්න විසදන කෙනෙක් නෙවෙයිනේ...

"කුකී කෝ බලන්න මගේ දිහා... එයාට ටිකක් කේන්ති ගිහින් ඔයා ගණන් ගන්න එපා හරිද? පස්සේ අපි කතා කරමු දැන් අපි ගෙදර යමු..."

ජන්කුක් ඔලුව වැනුවාම ජිමින් ජන්කුක්ගේ අතින් අල්ලගෙන ටිකක් එහායින් නතර කරලා තිබුණු එයාගේ කා එක ගාවට එක්කන් ගියා... ටේහ්යුංනුත් ඉතින් ඔරවං පස්සෙන් ආවා...

"ආ මෙන්න"

ජිමින් ටේහ්යුංට එයාගේ කා එකේ යතුර දැම්මා...

"මට මොකටද?"

"Car key එකක් දෙන්නේ බඩගින්නට කන්න නෙවෙයිනේ... එලවන්න"

එහෙම කියලා ජිමින් ජන්කුක්වත් එක්කගෙන පිටිපස්සට නැග්ගාම ටේහ්යුං බැන බැනම ඩ්‍රයිවින් ශීට් එකේ වාඩි උනා...

"මං දැන් ඔය දෙන්නගේ ඩ්‍රයිවර්ද?"

ටේහ්යුං පිටිපස්ස හැරිලා ජන්කුක්ව තුරුල් කරගෙන ඉන්න ජිමින්ටත් ඔරවලා ඇහුවා...

MY TOPS|VMK|✔Where stories live. Discover now