ජිනුත් ඒ විදිහට ඒ සිද්දිය පැහැදිලි කලා...

"බොරු කියන්න එපා බං... උන් දෙන්නා දැක්කොත් ඇති මරාගන්නවා උබ මොනාද ඔය කියවන්නේ? ඕව සුරංගනා කතා තමයි"

හෝසොක් විහිලු කලා... ඒක සාධාරණයි ඇස් දෙකෙන් දැකලත් නම්ජූන්, ජින් දෙන්නට ඒ සිද්ධිය ගැන හිතාගන්න බැරි උනානම් හෝසොක්, යුන්ගි දෙන්නා කොහොමත් ඒක විශ්වාස කරන්නේම නෑ...

"උබලට බොරු කියලා මට මොනා ලැබෙනවද බං... බලපංකෝ දවසක ඕකුන් දෙන්නා එක පෝරුවක නැගලා මුදු මාරු කරගද්දී උබලට තේරෙයි අපි බොරු නෙවෙයි කිව්වේ කියලා..."

ජින් ආඩම්බරයෙන් කිව්වා...

"බලමු බලමු... හැබැයි මුං දෙන්නා විතරක් මුදු දා ගනීද කියලා ෂුවර් නෑ... සමහර විට තව එකෙකුත් ඔය පෝරුවේ ඉදීවී..."

යුන්ගි කියපු දේ තේරුන අනිත් තුන් දෙනත් ඒක සනාථ කරලා ඔලු වැනුවා... පස්සේ හතර දෙනාම එකතු වෙලා හීන ලෝකෙදී ජන්කුක්, ජිමින්, ටේහ්යුං තුන් දෙනාගේ වෙඩිං එක ප්ලෑන් කලා...






















"බේබී ඔයා දන්නවද මට ඔයාව එහේ ගියපු දවසේ ඉදන් ගොඩක් මිස් උනා... ඔයා දන්නෑ ඔයා දිහා නොබලා මං නිදාගත්තේ ගොඩක් අමාරුවෙන්"

ජීහාන් කියන දේවල් වලින් ජන්කුක්ට දැනුනේ අප්පිරියාවක්... ජීහාන් තමන්ට ආදරේ නෑ ඒක රාගික ආශාවක් කියලා ජන්කුක් හොදාකාරවම දන්නවා... ජීහාන්ට මතක් වෙන්නේ ජන්කුක්ව නෙවෙයි ජන්කුක්ගේ ඇග...

"ඔ-ඔයා කොහොමද ඉ-ක්මනට ආවේ?"

ජන්කුක් එයාගේ හිතේ පෑරෙමින් තිබුණු ප්‍රශ්නය ඇහුවා... අනිවාර්යෙන්ම තවම එහේ වැඩ ඉවර නැතුව ඇති එහෙනම් කොහොමද මේ හාදයා ආවේ කියලා ජන්කුක්ට ලොකු ප්‍රශ්ණයක් තිබුණා...

"ඔහ් ඒකද බේබී... මෙහෙමයි මං මාම්ට කිව්වා මට ඉක්මනට කොරියා යන්න ඕනා ලොකු හදිසි වැඩකට කියලා... ඉතින් මාම් මාව තේරුම් අරගෙන එයා එහේ වැඩ බලාගන්නම් කිව්වා... සෝ මං ඔයාව හොයාගෙන ආපහු කොරියා වලට ආවා... කොහොමද මගේ වැඩ"

ජීහාන් ගොඩක් ආඩම්බරයෙන් ඒක කිව්වා... ජන්කුක්ට නම් ඒක ඒ තරම් සතුටුදායක දෙයක් නෙවෙයි... දැන් ඉතින් උන දේ උනා කියලා හිත හදාගන්නවා ඇරුනාම වෙන දෙයක් නෑ...

MY TOPS|VMK|✔Onde histórias criam vida. Descubra agora