"තමුසෙට මොන යකා වැහිලද ඒ වෙලේ මැදට පැන්නේ ආ?"

ටේහ්යුං තරහෙන් ඇහුවාම ජන්කුක් ටක් ගාලා බිම බලාගත්තා... ටේහ්යුං එයාගේ අත මිට මොලවලා ජන්කුක් හේත්තු වෙලා ඉන්න කණුවට තදින් පාරක් ගැහුවේ ජන්කුක්ව තවත් බය කරවලා...

"කතා කරනවා..."

ටේහ්යුං සැර කලා...

"ඔ-ඔයාලා ර-ණ්ඩු වෙ-න එකෙන් බේරග-

ජන්කුක් ගොත ගගහා කතා කලා... ටේහ්යුංට අමුතුම දුකක් හිතට දැනුනා... ඇයි ගහගත්තේ? ටේහ්යුංට ඒක එයාගෙන්ම අහගන්න ඕන උනා...

ඒත් ටේහ්යුංට ඊගාවට මතක් උනා එයා ගහගත්තේ ජිමින් එක්ක, ජන්කුක් සහ ජිමින් දෙන්නා- ඒ කියන්නේ ජන්කුක් බේරගත්තේ ජිමින්වද? ටේහ්යුංට ප්‍රශ්ණ ගොඩක් හිතට දැනුනත් එයා ඒවා අහන්න ගියේ නෑ... එයා ජන්කුක්ගේ මූණ ආපහු උඩට කරා...

"කවුරුහරි කතා කරද්දී පුරුදු වෙනවා එයාගේ ඇස් දිහා කෙලිං බලන් කතා කරන්න... නැත්නම් තමුන් වැඩකට නැති එකෙක් කියලා හැමෝම දැනගනී"

ටේහ්යුං ජන්කුක් මේ කරන්නේ බනින එකද? නෑ එයාට මේ ජන්කුක්ගේ හැසිරීම නිසා ලොකු බයක් දැනුනා... ජන්කුක් ගොඩක් යටහත් පහත් ඒක නිසා ජන්කුක්ට කවදාමහරි කරදර වෙන්න තියෙන ඉඩ වැඩී කියලා ටේහ්යුං දන්නවා... ටේහ්යුංට ඕනා ජන්කුක්ව ඒ කරදර වලින් බේරගන්න ජන්කුක්ට නොදැනෙන විදිහට උදව් කරන්න නම්-

"තමුන් ඊයෙ කරපු ඒ මෝඩ වැඩේට සමාව දුන්නා කියලා හිතාගන්නවා... ඒත් ආපහු එහෙම කරොත් මං තමුසෙව මගේම අතින් මරලා දානවා... තේරුනාද?"

ජන්කුක් වේගෙන් ඔලුව වැනුවා... ඒ වනන වේගෙට තව ඩිංගෙන් ඔලුව විසික් වෙනවා... ජන්කුක් වේගෙන් ඔලුව වනපු නිසා එයාගේ කොණ්ඩෙ අවුල් වෙලා මූණට වැටිලා තිබුණා...

"කියුට්"

ටේහ්යුං මිමිනුවා...

"තමුන් දැන් මොකක්ද මෙතන කරේ කියනවා බලන්න"

ටේහ්යුං තාමත් උන්නේ ජන්කුක් හේත්තු වෙලා ඉන්න බිත්තියට අත තියාගෙනයි... එයාලා අතර ලොකු පරතරයක් තිබ්බේ නෑ...

MY TOPS|VMK|✔Where stories live. Discover now