ජින්ටත් ඒ දේ හිතාගන්න බෑ... එහෙනම් ඇයි ජන්කුක් එයාගේ දේවල් හංගන්නේ? ඇයි හැමදේටම බය වෙන්නේ? එයාව චෙක් කරන ඩොක්ටර්ස්ලා ඇයි ජන්කුක්ට හරියට පෝෂණය නෑ කියන්නේ? ඇයි ජන්කුක්ගේ ඇගේ තුවලා කැලැල් තිබුනේ? ජින්ට මේ දේවල් වලට උත්තර නෑ... ජින්ට විතරක් නෙවෙයි නම්ජූන්, ජිමින් දෙන්නටත් උත්තර නෑ...

කලින් නම් ජන්කුක් ඉන්න තැන ජැන හිතලා නිජමනයකට එන්න තිබුණත් දැන් ජන්කුක් ඉන්නෙත් ඒ වගේ තැනක නම් මොනවද මේ දේවල්? ජිමින්, ජින් වගේම නම්ජූනුත් දෙමාපියන් සැක නොකරන්නේ එයාලගේ දෙමාපියෝ එයාලට සලකන විදිහ ගැන හිතලනේ... එයාලට ඒකයි ඒ ගැන අයිඩියා එකක් නැත්තේ

"ඔයාලා ජන්කුක්ගෙන් කෙලින්ම අහන්න ඒ තුවාල කැලැල් ගැන"

"මට නම් ෂුවර් එයා ඒක ගැන කියන්නේ නෑ... ජන්කුක් අහිංසකයි ඒ වගේම එයා ගොඩක් ගුප්තයි... ඒක නරක දෙයක් නෙවෙයි ඒත් ජන්කුක්ගේ නිහඩබව නිසා මට හිතෙනවා ජන්කුක්ට ඉස්සරහටත් කරදර වෙයි කියලා ඔය එයාට කරදර කරපු කෙනාගෙන්ම..."

"මට ජන්කුක්ගේ හියුන්ව සැකයි... නම්ජූන් කිව්ව විදිහට එයා ඇත්තටම හොද චරිතයක් තියෙන කෙනෙක් නෙවෙයි නම්, ඇත්තටම එයා ගෙදර ඇතුලෙදී උනත් ජන්කුක්ට කරදර කරන්න බැරි නෑ... සමහරවිට ජන්කුක්ට එයා ගහනවද දන්නෑ... හැබැයි එහෙම උනොත් නම් මං ඔය හියුන් කාරයව ගුලි කරලා ෆුට්බෝල් ගහන්න ගන්නවා..."

ජිමින් තරහින් මේසෙට පාරක් ගැහුවා...

"තව ටිකක් අපි එයා ගැන හොයලා බලමුකෝ..."

කට්ටිය එහෙම කතා කර කර ඉද්දී එතනට ජිමින්ගේ ෆුට්බෝල් ටීම් එකේ player කෙනෙක් ජිමින් ගාවට ආවා...

"ජිමින්, ජිමින්..."

"ඇයි මොකද?"

"ඔයා දන්නවද අපේ ටීම් එකට- ටීම් එකට-"

ඒ ලමයා ටිකක් කලබලෙන් කතා කලේ... ජිමිනුත් කලබල උනා

"ඉතින් ටීම් එකට මොකද වෙලා තියෙන්නේ?"

"ආහ් එ-එයා ආපහු ඇවිත්..."

ලමයා වටපිට බලන ගමන් උත්තර දුන්නා...

MY TOPS|VMK|✔Where stories live. Discover now