😈Chapter 33😈

Start from the beginning
                                    

"මිස්ටර් ජාන්... "

"ලෙලේ අන්කල්... මටත් ජාන් බේබි කියන්නකෝ..  "

ජාන් කියද්දී ලෙලේ හිනා උනා....

"යිබෝ බේබි කෝල් කරාද ජාන් බේබි.. "

"ඔව් අන්කල්.. උදේ කතා කලා.. ඊයේ meeting එක postponed කරලා.. ඉතින් දැන් තමයි meeting එකට යනවා කිව්වේ.. ඉවර උන ගමන් එයි.. "

"ආ... අපේ යීබෝ බේබීට දැන් ජාන් බේබි නැතුව ඉන්නම බෑ.. මට නම් හරි සතුටුයි බේබි.. "

ලෙලේ අන්කල් කියද්දී ජාන් හිනා උනා..

"අපේ මාස්ටර් වන්ග් පොඩි කාලෙම යීබෝ බේබිව එයාගේ සීයා පපා ලඟට යැව්වේ එයා වගේ දුර්වල වෙනවට අකමැති නිසා.. පොඩි කාලේ ඉදන් යීබෝ බේබි ආදරේ කියන වචනෙවත් දන්නේ නැති හැඟීම් දැනීම් මරලා දාපු මිනිහෙක් උනා ජාන් බේබී.. සෙක්ස් කියන දේ ගැන උනත් එයා බැලුවේ වෙනම කෝණෙකින්.. යීබෝ බේබි stress release කරගන්න තමයි ඒකත් පාවිච්චි කලේ.. තමන්ගෙම පපාට වෛර කරන්න තරම් බේබී දරදඩු උනා.. අන්තිම කාලෙදි මාස්ටර් වන්ග් උනත් දුක් උනා යීබෝ බේබිව බොස් ලඟට යවපු එකට..."

ලෙලේ අන්කල් ලොකු හුස්මක් පිට කලා.. ජාන් හිටියේ කෝපි එක බිබී ලෙලේ කියන දේවල් අහගෙන..

"මං දන්නවා අන්කල් එයාගේ අතීතේ ගැන..."

"අද මාස්ටර් වන්ග් හිටියා නම් යීබො බේබිව දැකලා ගොඩක් සතුටු වෙයි.. ජාන් බේබිව හම්බුන දවසේ ඉදන් යීබෝ බේබී ගොඩක් වෙනස් උනා.. ඉස්සර ආසාවට හිනාවක් දකින්න නැති මූණෙ දැන් හැම වෙලාවෙම හිනාවක් තියෙයි.. අර දරදඩු මිනිහා අස්සේ හිටිය අහිංසක මනුස්සයාව එලියට ගත්තේ ජාන් බේබි තමයි.. මාස්‍ටර් වන්ග් ඉන්න තැනක ඉදන් සතුටු වෙනවා ඇති.. එයාගේ පුතා දිහා බලලා... "

"ලෙලේ අන්කල් මිස්ටර් වන්ග්ට ගොඩක් හිතවත් නේද.. යීබෝයි කුවානුයි වගේ.. "

"ඒ අපේ රස්සාව ජාන් බේබි.. මං මිස්ටර් වන්ග් ගැන දන්න තරම් යිබෝ බේබිගේ මමාවත් දන්නේ නැතුව ඇති... "

"ම්න්. කොහොමත් යීබෝ ගැන කුවාන් දන්න තරම් මාත් දන්නේ නෑ තමයි.. හහ් හහ් හා... අපි යමු ලෙලේ අන්කල්... මමා චූටි එන්න... "

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now