😈Chapter 33😈

Start from the beginning
                                    

ගෙනිච්ච කිසි දෙයක් ආයේ එනකොට ජාන්ගේ අතේ තිබුනේ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගෙනිච්ච කිසි දෙයක් ආයේ එනකොට ජාන්ගේ අතේ තිබුනේ නෑ.. ඇස් රතු වෙලා පිස්සෙක් වගේ ඉන්න ජාන්ව දැක්කම ගෙදර හැමෝම බය උනා...

"පුතේ... ඇයි මේ... "

"මමා මං උඩට යනවා.. ලෙලේ අන්කල් මට කෝපි එකක් එවන්න... "

ජාන් එහෙම කියන් ගිහින් ඔෆිස් රූම් එකේ සෝෆා එකක වාඩි වෙලා ගෝල්ඩ් ස්පිනර් එක අතට ගත්තා...

"Let's play.. "

ජාන් කට කොනකින් හිනා වෙලා ඇස් පියාගත්තේ ගෝල්ඩ් ස්පිනර් එක කරකවන ගමන්...

කොච්චර වෙලා එහෙම හිටියද කියලා ජාන්ට මතකයක් තිබ්බේ නෑ... කොහොම හරි ඒ විදිහටම ජාන්ට නින්ද ගිහින් තිබ්බා..

උදේ නැගිටලා නාලා කරලා අලුත්ම ඇඳුමක් ඇඳගෙන ජාන් පහලට ආවේ ලා හිනාවක් එක්ක...

"මමා... චූටි.. ලෑස්ති වෙන්න අපි ගමනක් ගිහින් එමූ.. "

"කොහෙද මිස්ටර් ජාන්.... "

"ලෙලේ අන්කලුත් ලෑස්ති වෙන්න.. ග්‍රැනීලගේ ගෙදර ගිහින් එමූ.. යීබෝ තව ටිකකින් එහෙන් එයි. එයත් කෙලින්ම ග්‍රැනීලගේ ගෙදරට එයි.. "

"හදිස්සියේ ඇයි පුතේ.... "

"හදිස්සියක් නෙමෙයි මමා.. ගෙදර හැමෝම එකට ඉදලා තාම කෑම වේලක්වත් ගත්තේ නෑනේ.. මායි යීබෝයි ආයේ හෙට උදේම ඉතාලි යනවා.. එහෙ වැඩ හිර වෙලාලු සෑහෙන්න...අපි දෙන්නාම නැතුව ඒවා කරගන්න බෑ.. යීබෝට මං නැතුව ඉන්නත් බෑනේ.. ඉතින් යන්න කලින් ගිහින් ග්‍රැනීවත් බලලා එමූ. ග්‍රැනී කියන්නේ වන්ග් පවුලෙන් ඉන්න එකම වැඩිහිටියා... "

"ඒක හොඳයි පුතේ ගිහින් එමූ.. "

මමා කියද්දී කට්ටියම උදේ කෑම අරන් යන්න ලෑස්ති උනා.. ජාන් සාලේ හිටියේ කෝපි එකක් බිබී පත්තර ටික කියවන ගමන්..

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now