😈Chapter 32😈

Start from the beginning
                                    

"යිබෝ ගගා... "

"ආශ් ගගා කියන්න එපා බන්.. උබේ අයියාගේ හස්බන්ඩ් උනාට මං උබේ වයසේ.. "

යීබෝ කිව්වේ කුවාන්ගේ අතේ තිබුන කිරි එක අතට ගන්න ගමන්..

"ආ..හ්?? ඇත්තටම ඔයාලා මැරි කරලාද යීබෝ.. අර photo එක...?? "

"ම්න් ඔව්ව්.. ඒක හදිස්සියේ ගන්න උන තිරණයක් චූටී.. මේක බීලා ඉන්නවකෝ.. ආ.... "

"අනේ මට බෑ.."

"මා එක්ක එන්නකෝ චූටි.. එලියට ගිහින් එමූ"

"අනේ මට බෑ යීබෝ... "

"මෙන්න මෙහෙ වරෙන් බන්... "

යීබෝ යීගේ අතින් ඇඳගෙන ගෙදරින් එලියට ගියා...

"කුවාන්.. ජාන්ට කියන්න අපි දෙන්නා පොඩි රවුමක් දාන්න ගියා කියලා. "

යීබෝ ඇහැක් ගහලා යීවත් ඇඳගෙන එලියට ගියා.. බෝට් එකට නගිද්දී යී හිටියේ පුදුම වෙලා..

"කොහෙද යන්නේ...? "

"රවුමක් බන් වරෙන්කෝ.. "

යීබෝ යීවත් එක්කගෙන බෝට් එකේ වේගෙන් ගිහින් නතර කලේ එයාලගේ කාර් පාර්ක් එකේ.. යීබෝ යතුරක් කරකෝ කරකෝ ඉස්සරහින් යද්දී යී පිටිපස්සෙම් ආවේ එතන තියෙන වාහන දිහා බල බල..

ෆෙරාරි, බුගාටි, අවුඩි, BMW, royce rolls, ඩිෆෙන්ඩර්, ලෝකේ තියෙන ගාණ වැඩිම වාහන අතරින් යී ගියේ පුදුමෙන් බල බල...

"ටට්ට ටා..... "

යීබෝ කෑ ගහද්දී යී ඉස්සරහා බලද්දී එයාගේ ඇස් ලොකු උනා..

"Woow.. Gold Lambogini එක... "

යී කියද්දී යීබෝ හිනා උනා.. එදා යී කියපු හැමදේම යීබෝට මතක නිසා යී ඒකට කැමතියි කියලා යීබෝ දැනගෙන හිටියා...

"රවුමක් යමුද...?? "

"ඇත්තටම....?? "

යීබෝ ඇහැක් ගහලා අහද්දි යිගේ මූණ ටිකක් එලිය වැටුනා... යීබෝ යීවත් ඉන්ඳෝගෙන එතනින් එලියට දාද්දී ඩිෆෙන්ඩර් එකයි තව බයික් තුනක් විතරකුයිත් ඒක එක්කම එලියට දාද්දී යී හිටියේ ඇස් ලොකු කරන්..

යීබෝ වේගෙන් පාරවල් අස්සෙන් අස්සෙන් දාලා ගිහින් MC එක ලඟින් නතර කලා.. ටිකකින් එයාලගේ අතට burger 2යි කෝක් දෙකයි හම්බෙද්දී යීබෝ ඒ දෙකත් අරන් ගිහින් කාර් එක නතර කලේ කන්දක් මුදුනකින්.. ඊට ටිකක් එහායින් ඩිෆෙන්ඩර් එක නතර කරලා උන් පිස්ටල් අරන් ඒ හරිය වට කරද්දී බයික් තුන සැරින් සැරේට එහාට මෙහාට ගියා...

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now