😈Chapter 31😈

Start from the beginning
                                    

ජාන් සීට් බෙල්ට් එක දාන අතරෙම යීබෝ කාර් එක රිවර්ස් එකක් ගහලා රේස් කරලම හරෝල ගත්ත විදිහට ජාන්වත් වේගෙන් ගිහින් දොරේම වැදුනා..

"ජාන්... ඕකේ මැප් එක කාර් එකට connect කරන්න... "

"යීබෝ මේ මොකක්ද...?? "

"Tracking එකක්... "

"ආ...??"

"මං ඔයාලගේ නංගිට දුන්න මාලේ පෙන්ඩන්ට් එක tracking එකක් ජාන්.. "

යීබෝ කියද්දී ජාන්ගේ ඇස්වල කඳුලු අලුත් උනා.. යීබෝ එයා නොහිතපු විදිහකින් මේ දේ කරලා තිබුන නිසා නංගිව අරන් යන්නේ කොහාටද කියලා හොයන්න පුලුවන්..

යීබෝ කාර් එක drive කරපු විදිහට ජාන්ට දැනුනේ rollercoster එකක යනවා වගේ.. එහෙන් මෙහෙන් දාලා කාර් අඹරලා ගනිද්දී ජාන්ව එහාටයි මෙහාටයි වැනිලාම ඔලුව කැරකෙන්න වගේ ගත්තා..

ඉස්සරහා නම් බලන්න පවා ජාන්ට බය හිතුනේ යීබෝ යද්දී හැම තැනකින්ම එයාලා බේරුනේ නූලෙන් නිසා..

අන්තිමට කාර් එක නගරෙන් ඈත් වෙලා වංගුයි කැලේකුයි තියෙන පාරකින් ගියා.. දැන් අර tracking එක එක තැනක නැවතිලා තිබුනා...

"යීබෝ එක තැනකින් නැවතිලා... "

"ම්න්.. එතන්ට යමූ හෙමීට.. "

යීබෝ එහෙම කියලා නතර වෙලා තියෙන හරියට ලන් වෙද්දී කාර් එකේ වෙගේ අඩු කලා..

තනිකරම මෙලෝ යකෙක් නැති කැලයක් අස්සේ තියෙන වැලි පාරක් දිගෙ තමයි දැන් යන්න ගත්තේ...

"යීබෝ වටපිටාව පට්ට පාලුයි.. මෙලෝ යකෙක් නෑ.. මට මොකක්දෝ අමුත්තක් දැනෙනවා.. "

"ම්න්.. මටත්... "

කාර් එක slow එකේ ඉස්සරහට යද්දී ඉස්සරහින් පෙනුනේ පරණ පාලුවට ගිය දියසෙවෙල් බැඳුන බිල්ඩින් එකක්...

"යිබෝ කැලේ අස්සට දාලා කාර් එක නතර කරන්න... "

ජාන් කියද්දී යීබෝ කාර් එක ටිකක් කැලේ අස්සට වෙන්න නතර කලා...

"මෙච්චර නිශ්ෂබ්ද එක ගැන මට ටිකක් සැකයි යීබෝ.... "

අඩියෙන් අඩිය ගස් වලට මුවා වෙවී ඉස්සරහට යද්දී ජාන් කියද්දී යීබෝත් එකඟ උනේ මෙතන ඕනිවටත් වඩා සන්සුන් නිසා...

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now