මම බර හුස්මක් පහතට දැම්මා...
'Soul High school'
අන්තිමට මට මෙතෙන්ටම එන්න උනා.. ලොකුවට ගහලා තියන බෝඩ් එක දිහා බලාගෙන මම හීල්ලුවා..මන් කොහොමද දෙයියනේ ඇතුලට යන්නෙ..
"ආ මේ කැප් එක හිරවෙන්න දාගන්නකො මැණික... කාටවත් බෑ ඔයාව අදුන ගන්න..."
"Excuse me.. ඔයාලා එනකන් ලොකු සර් බලන් ඉන්නවා.."
"අපි එනවා.."
තරුණ වයසෙ කොල්ලො කුරුට්ටො අපි දිහා බලාගෙන යද්දි මන් තවත් ඒ කැප් එක ඔළුවට තද කර ගත්තා.. මට හැංගෙන්න ඕනෙ..හැමෝගෙන්ම..මන් බිම බලාගෙන ඇවිද්දා..මගෙ අතට තද වුන මිනීගෙ අත මට පාර පෙන්නද්දි මන් එයා අදින පැත්‍තට ඇදිලා ගියා.. මන් බය නෑ.. ඒත් මගෙ දුර්වලකම මගෙ ළග තියෙද්දි මන් කොහොමද බය නැතුව ඉන්නෙ.. කුකී..මට මාවම එයාගෙන් හංගන්න ඕනෙ වෙද්දි මේ ඉස්කෝලෙ ඇතුලෙම එයා මන් දිහා බලන් ඉන්නවා කියන දේ මගෙ හුස්ම හිර කලා..
"එයා වෛර කරනවා.."
"මෝ.."
ජිමින් ඇස් දෙකත් ලොකු කරන් මොකද්ද මන් ඒ කිව්ව හරුපෙ කියලා බලන් ඉද්දි මන් ඉස්සරහ බලා ගත්තා...
"රැවටීම... මගෙ කූ රැවටීම කියන වචනෙටත් වෛර කරනවා මිනී.."
"අනේ චූටි..."
නොදැනීම කදුළක් බිමට වැටුනා.. මට අඬන්න ඕනෙ නෑ.. ඒත් දැනිලා තියනවද.. තමන්ට ඉන්න එකම කෙනත් තමන්ට නැති වෙයි කියන බය..ඒක.. ඒක..
"කදුළු එපා චූටියො.. ඔය කදුළු ඕනෙවටත් වැඩී ඔයාට..."
"හ්ම්ම්"
ජිමින් මාව එතන හද හදා තිබුනු බිල්ඩින් එකක් ගාවට එක්කන් යද්දි එතන හිටපු full suit ඇද ගත්‍ත සෙට් එකෙන් එක්කෙනෙක් හිනා වෙලා අපි ඉස්සරහට ආවා..
"Nice to meet you mr."
"Park.. මෙයා mr. Jeon.."
"Ooh.. nice to meet you two.."
එයාලා අපිත් එක්ක මෙතන වැඩ වෙන විදිහ ගැන කතා කරලා අපිට වැඩ භාර දුන්නා.. අපි සාමාන්‍ය කම්කරුවො උනත් මටයි ජිමිනිටයි එකතු උනාම යමක් කමක් කරගන්න පුළුවන්කමක් තිබුණා..
අපිට මෙතන mainly කියලා කරන්න තිබ්බෙ මෙතන වෙන අඩුපාඩු බලන එකයි ප්ලෑන් එක රීඇරේන්ජ් කරන එකයි...
YOU ARE READING
Without me
Fanfictionලස්සනට ගලාගෙන ගියපු ජීවිත එක පාරටම විනාස කරපු කුණාටුවක්.. තමන්ගෙ ජීවිතේම තමන්ගෙ මල්ලි වෙනුවෙන් කැප වුණු ආදරණීය සොයුරියක්.. තමන් වෙනුවෙන් කැප වුණු සොයුරියට පනටත් වඩා ප්‍රේම කරන සොයුරෙක්.. බාධක මැදින් හුස්ම අල්ලන ජීවිතත් එක්ක අභියෝග වලින් පිරුණු කතාවක...
Broken 37
Start from the beginning