😈Chapter 28😈

Start from the beginning
                                    

අනික ඒක තිබුනේ හොටෙල් එකේ down floor එකේ.. රහස් හෝල් එකක.. ඒ වගේම මාකෝ දීපු මැප් එකේ හැටියට high security area එකට යන්න තියෙන්නේ එතනින්..

ඉතින් ඒකට ලේසියෙන්ම යන්න පුලුවන් එකම දවස අවුරුද්දකට සැරයක් තියෙන මේ පාටි එක විතරයි.. යීබෝ හිටියේ system hack කරන්න.. ජාන් තමයි ඇතුලට යන්න ලෑස්‍ති වෙලා හිටියේ..

ඒත් දවස් පහකින් ජාන්ව දැකලා නැති නිසා යීබෝට ඒකට යන්නම ඕනි උනා.. අනික මොනා උනත් ජාන්ව ඇතුලට යවන්න යිබොගේ හිතේ තිගැස්මක් තිබුනා.. මොකද ජාන්ට තාම ලොකු පුහුණුවක් තිබුනේ නෑ..

ඒ නිසා ඒකට කලින් යීබෝට ජාන්ව හම්බෙන්නම ඕනි උනා...

"මිස් බියුටී... මට බැරිද ඔයාලගේ staff එකේ කෙනෙක් විදිහට ඇතුලට යන්න..."

"ආ යූ ක්‍රේසි ආශි.. ඒක යන්න හිතන්නවත් හොඳ තැනක් නෙමෙයි... "

"බලන්න විතරයි.. ගියා ආවා.. ප්ලීස්.. "

යීබෝ කියලා කියලා කොහොම හරි කෙල්ලගෙන් staff ඉන්න අයව අහගත්තා.. ඒ හිටපු ඔක්කොම හොටෙල් එකේ room boysලා.. ඉතින් යීබෝ ගිහින් උන් එක්ක කොහොම හරි කතා කරලා කරලා ටික වෙලාවකට ඇතුලට යන්න අවසර ගත්තා..
ඒ waiter කෙනෙක් විදිහට...

හවස් වෙද්දී හොටෙල් එකේ පිටින් සාමාන්‍ය උනත් ඇතුලෙන් තිබුනේ යුද්ධයක් වගේ.. අනික ලෝකේ තියෙන හොඳම වාහන වලින් එක එක මිනිස්සු හොටෙල් එකට ආවා...

මේ අතරේ යීබෝ waitersලා එක්ක උන්ගෙ පස්සෙන් ගියේ SilverRay hotel එකේ down floor එකට... ඇත්තටම ඒක ඇතුල වෙනම ලෝකයක් වගේ උනා...

මේ වෙද්දී තවමත් හරියට සෙනඟ හිටියේ නෑ... මුලු හෝල් එක පුරාම ඇස් කඩාගෙන යන එලි තිබුනේ night club එකකටත් වඩා සැරට.. මැද තිබුන disco ball වල එලිය තව තව ඇස් වලට අමාරු වෙද්දී ඇතුලට ගිය වෙලේ ඉදන් යීබෝ හිටියේ අමාරුවෙන්..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now