"මේකයි boys වැඩේ.. මතකයිද මන් ගිය පාර ඔයාලා දෙන්නට දුන්නා සෝල් වල කම්පැනි එහෙක කන්ස්‍ට්‍රක්ශන් එකක්..."

"ම්ම්... ඔව් ඉතින්.."

"ඒ වැඩේ ෆුල් නීට් කම්ප්ලීට් කියලා එයාලා ස්පොන්ස කරලා හදන වෙන බිල්ඩින් එහෙක වැඩ වලටත් මගෙන් ඔයාලා දෙන්නව ඉල්ලනවා...OT නැතුවම හම්බ කරගන්න තමයි තියන්නෙ ඉතින්.."

"මම කැමති..."

"මාත්.."

ජිමින් මගෙ දිහා බලන් එයා කැමති කියද්දි මාත් ඔලුව වැනුවා..අකමැති වෙන්න හේතුවක්.. නෑ මට එහෙම හේතුවක් නෑ...

"එහෙනං දෙන්නත් එක්ක මේක සයින් කරන්න..."

ජිමින් ඒ කොලේට අත්සන් කරද්දි මාත් එතනම අත්සන් කලා.. දෙයියනේ කියලා වැඩිපුර ගාණක් අතට ලැබෙනවා... ණය ටික ගෙවලා ඇරියස් බිල් ටික ගෙවුවහම ඒකත් ඉතුරු වෙන්නෙ නෑ ඉතින්...

"ගුඩ් බෝයිස්.. දැන් ඉතින් ආපහු දුවන්න වැඩවලට..."

.
.
.
____________________

අද ටිකක් වේලාසන වැඩ ඉවර වුණු නිසා මන් ජිමිනි එක්කම ගෙදර ආවා.. කුකී තාම එයාගෙ art class එකේ වෙන්න ඇති...

"මට බ්ලැක් කොෆී එකක් චූටී..."

"හ්ම්ම්..."

මන් අහන්නත් කලින්ම එයාට බ්ලැක් කොෆී එකක් ඕනෙ කියද්දි මම කිචන් එකට ගිහිල්ලා කෙට්ල් එක තියලා සාලෙට ආවෙ ජිමින් මොනාද කරන්නෙ බලන්න..

"යා ඔය මොනාද කරන්නෙ..."

"ආයි... අනේ මේ කුක්කා හරි කියුට් අෆ්ෆා.."

කුකීගෙ චූටි කාලෙ නෙක්ඩ් ෆොටෝ එකක් දිහා බලාගෙන හිනාවෙන ජිමින්ට ටොක්කකුත් ඇනගෙන මන් කෑගැහුවෙ පොඩි එකා හිටියනං අනිවාරෙම්ම මෙතන පරල වෙනවා කියලා දන්න හින්දා...

"මෙතන හිටියනං බලාගන්න තිබ්බා කියුට් එක..."

"අනේ කවුද එයාව ගණන් ගන්නෙ... ඕකා එළියෙන් යකා වගේ කෑගැහුවට ඇතුල පුස්...."

ජිමින් වීරයා වගේ කියද්දි මට හිනා ගියේ ඔය වක්කඩ කට ඇරෙන්නෙ මගෙ ඉස්සරහ විතරක් නිසා..උසට නෙමෙයි සද්දෙ...

"පුහ්... කවුද දන්නෙ නෑ මිකි mouse කෙනෙක් වගේ අල්මාරියක් අස්සෙ හැන්ගිලා හිටියෙ පොඩි එකෙක්ට බයේ.."

Without meOpowieści tętniące życiem. Odkryj je teraz