"ගුඩ් මෝනින් කුකී බබා..."

ජිමින් හිනා වෙලා ජන්කුක්ට සුබ පැතුවා... වෙනදට නම් ජන්කුක් මුකුත් කියන එකක් නෑ ඒත් අද ජන්කුක් කතා කරා... නෑ එයා ජිමින්ටත් සුබ පැතුවා...

"ගුඩ් මෝනින් හියුන්"

ජන්කුක්ගේ මෙච්චර දවසක් දැක්කේ නැති ඒ ලස්සන හිනාව අතරේ උදේ පාන්දරම ජිමින් තනි උනා... ජන්කුක් ජිමින්ගේ මූණ ඉස්සරහින් අත එහේ මෙහේ කරාමයි ජිමින් හරි සිහියට ආවේ...

"ඔහ් සොරි, ම්ම් ලමයා මොකද අද සතුටින් වගේ ආ? මොකක්ද හොරේ කොල්ලගේ..."

"මුකුත් නෑ හියුන්"

ජිමින්ගේ ප්‍රශ්ණ වලට ජන්කුක් ගොඩක් සුහදව උත්තර දුන්නා... ජිමින්ට අමුත්තක් හිතුනත් ජන්කුක් එහෙම ඉන්න එකට එයා ආස කලා...

"කෑවද කුකී? නැත්නම් මං යන්නේ කන්න අපි දෙන්නම එකටම කමු..."

"තාම නෑ හියුන්, ම්ම් ඔයාට කරදරයක් නැත්නම්-"

"මොන කරදරයක්ද? ඔයාට හැමදාම උනත් කන්න අරං දෙන්නම්කෝ මං..."

ජිමින් කියපු දේ වැඩිදුර හිතලා ජන්කුක් කම්මුලුත් රෝස පාට කරගත්තා... ජිමින් ජන්කුක්ගේ අතකින් අල්ලන් කැන්ටිම පැත්තට ගියා... එයාලා යද්දී ජින්, නම්ජූන් දෙන්නාත් ඇවිත් උන්නා... ජිමින් ජන්කුක්වත් ඇදගෙනම එතනට ගියා...

"කොහෙන්ද මේ උදේ පාන්දරම ජන්කුක්ව අහුලගත්තේ?"

"එයා අපේ ගෙදර ඊයේ රෑ උන්නේ... ඇයි අවුල්ද?"

"අපේ අසරණ අන්කල්, ආන්ටී දෙන්නා... ඊයේ රෑ එයාලට නිදාගන්නත් බැරි වෙන්න ඇති නේද?"

ජින් අදහස් කරපු දේ ජන්කුක්ට නම් එකපාරටම මීටර් උනේ නෑ... ඒත් ඉතින් ජිමින්ට නම් ඒක තේරුනා...

"ආ මේ මේ... ඔයාලා වගේ අපි එහෙම නෑ හරියෑ... මේ වල් කතා උදේ පාන්දර අදින්නේ නැතුව ඉන්නවද ජින්... මෙයාව මට කොරිඩෝව ලගදී හම්බුනේ කාලා නෑ කිව්ව නිසා ඇදගෙන ආවා..."

"හරි හරි බං, ඒක නෙවෙයි මට විතරද අපේ පුංචි ජන්කුක් අද වෙනදා වගේ නෙවෙයි හිනා වෙලා ඉන්නේ කියලා පේන්නේ? ආ එයාගේ හිනාව ගොඩක් ලස්සනයි..."

MY TOPS|VMK|✔Where stories live. Discover now