"කුකී ඔයා කොහොමද මේ ජින්ලත් එක්ක?"

ජිමින් ජන්කුක් ලගින්ම වාඩි වෙලා ඇහුවා... ජන්කුක් කෝමත් වැඩිය කතා කරන්නේ නෑනේ ජන්කුක් ජින් දිහා බැලුවේ ජිමින්ට උත්තර ඔයා දෙනවද කියලා අහන්න වගේ...

"මං උදේම එයාව හොයාගෙන ගිහින් ඇහුවා අපේ ටීම් එකට එනවද කියලා... එයා ආවා"

"ඇත්තටම ඒක උනාද? මට නම් මතක විදිහට ඔයා ඒ ලමයට බලහත්කාරකම් කරලා එක්කගෙන ආවේ... ඔයා එයා ඉස්සරහා බොරුවට ඇඩුවත් එක්කයි ජිනී..."

ජින්ගේ බොරුව නම්ජූන් හරි ගැස්සුවා... ජින්ගෙන් හොද ගුටියකුත් කෑව නම්ජූන් අන්තිමට ජින්ට කිස් එකකුත් දුන්නා... හැබැයි ඒ දෙන්නගේ කෝලං වලට ලැජ්ජා හිතුනේ නම් ජන්කුක්ටයි ජිමින්ටයි...

"ඔයා බනානා මිල්ක් වලට ඔච්චරටම කැමතිද?"

ජිමින් ඇහුවේ ජන්කුක් ඒක බොන විදිහ දැකලා... සුපර් කියුට් විදිහට එයා ඒක බිව්වා ජිමින්ගේ පපුව හෝස් ගාලා ගියා කිව්වොත් හරි ඉතින්... ජිමින්ට උත්තරයක් විදිහට ජන්කුක් ඒක බොන ගමන්ම ඔලුව වැනුවා...

"අපි දැක්කා ඔයා ඊයේ ඔයාගේ හියුන් එක්ක ගෙදර යනවා... ඔයාගේ හියුන් ගොඩක් හොදයිනේ අච්චර වැඩ තියනුත් ඔයාව ගන්න ඇවිත් තිබුණා..."

ජින්ගේ කටින් ජීහාන් ගැන කියවෙද්දී මෙච්චර වෙලා ආසාවෙන් බිබී උන්න බනානා මිල්ක් එකත් ජන්කුක් බොන එක නතර කලා... ඒක ඒ තුන් දෙනාටම නෝට් උනත් කවුරුත් ඒක ගැන ඇහුවේ නෑ...

"ජන්කුක් ඔයා මේ දවස් වල තවත් ලස්සන වෙලාද මංදා... ආහ් ඔයාව අපිට මීට් උන පලවෙනි දවසේ ඔයා ටිකක් කෙට්ටුවට උන්නේ ඒත් දැන් නම් ටිකක් හොදට ඉන්නවා..."

ජන්කුක්ව නැවත වතාවක් ගැස්සිලා ගියා... ජින්ට ඕන වෙන්නෙත් මේ දේ නේද? ජන්කුක් එයාලා හැමෝගෙන්ම, මුලු ලෝකෙන්ම මොකක්ද මේ හංගන්න උත්සාහ කරන්නේ කියලා හොයන්නයි එයාලට ඕන උනේ... ජිමින් ජන්කුක්ගේ වෙව්ලන අත මේසේ යටින් අල්ලගත්තාම ජන්කුක් ඇස් ලොකු කරගෙන එයා දිහා බැලුවා... ජිමින් ලස්සනට හිනා උනා...

"ජන්කුක් මං ඔයාගේ ක්ලාස් එකේ ලමයිගෙන් ඔයා ගැන ඇහුවාම ඔයා ගොඩක් තනියමයි ඉන්නේ කියලා එයාලා කිව්වා... ඉතින් ඔයාට අද ඉදන් හැමදාම අපිත් එක්ක ඉන්න පුලුවන් වෙයි..."

MY TOPS|VMK|✔Where stories live. Discover now