😈chapter 23😈

Start from the beginning
                                    

"යැයි යැයි තමා පිහියක් උරහිසේ ගහගෙන පන්නන්න... ඇයි තමුසේ ගොබ්ලින්ද.. අන්න ඌ නම් කඩුවක් පපුව පසාරු කරන් යවාගෙන හිටියා... තමුසෙ තව අඩියක් දෙකක් ගියා නම් වෙඩි කාලා මැරෙන්නේ.."

"වෙනසක් නෑ.. දැන් කොහොමත් අර යකාගෙන් වෙඩිකාලා මැරෙන්න වෙන්නේ.. ඌ ඒ diamond වලට හිලව් කලේ මගේ ජීවිතේ.. මාෆියා වල කතා දෙකක් නෑ. පොරොන්දු උනොත් ඉශ්ට කරනවා.. ඒ නිසා diamond නෑ කියන්නේ මට ඌට බිලි වෙන්න වෙනවා... "

"ඒවා ඒ තරම් වටිනවද යීබෝ.. දන්නවා නම් කලින්ම diamond ටික අරන් තමුසෙව ඌට දෙනවා.. "

දීර්ඝ බහින් බස් වීමකට පස්සේ දෙන්නාම අතරේ තිබුනේ නිහඬ බවක්... යීබෝ මූණ අනිත් පැත්ත හරවන් ඉද්දී ජාන් හෙමීට යීබෝ ලඟට ගිහින් යීබෝගේ තුවාලේ නැති පැත්තේ උරහිසෙන් ඔලුව තිබ්බා..

"යීබෝ...... "

"එහාට පලයන් ජාන්....."

යීබෝ කිව්වේ උරහිස ගස්සලා ජාන්ව එහාට තල්ලු කරන ගමන්..

"මේ මොකෝ මගේ ගිනි බෝම්බේ පුපුරන්නේ... විහිලුවක්නේ කලේ යීබො.. "

ජාන් ආයේ කිව්වේ කේන්තියෙන් පුපුර පුපුර ඉන්න යීබෝගේ කම්මුලකට කිස් එකක් දීලා..

"කිව්වම අහලා පලයන් එහාට.. ආහ්හ්හ්... ම්ම්... "

යීබෝ ජාන්ව තල්ලු කලත් එක පාරට ගැස්සුන නිසා යීබෝගේ තුවාලේ රිදෙන්න ගත්තා...

"යීබෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"යීබෝ.... තුවාලේ...... "

ජාන් කිව්වේ කලබලෙන්....

"ඉතින්.... ඉතින් මොකද... තමුසෙට ඒක මොකක් උනත් මොකද.. මං මැරිලා ගියත් තමුසෙට ප්‍රශ්නයක් නෑනේ... අපරාදෙ ඌට අනින්න තිබ්බේ උරහිසට නෙමෙයි පපුවට.. එක පාර මැරිලා යන්න.... එහාට පලයන්.."

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now