🍁___39___🍁

130 25 4
                                    

_AUTHOR POV_

"රජතුමනි...අපට ආක්‍රමණයක්..."

මාළිගාවේ සෙබලෙකු හති දමමින් පැමිණ රජතුමාට දැන්වූවා...

"ආක්‍රමණයක්..?"

"එසේය...කිම් සේහා කුමරියගේ පියාණන්...ඔහු මාළිගාවෙ ප්‍රධාන දොරටුව ඉදිරිපිට විශාල සෙබලුන් සංඛ්‍යාවක් සමග රැදී සිටිනවා..."

සෙබලා එසේ පවසද්දි රජතුමා හොද සිටි අසුනෙන් නැගිට්ටේ පුදුමයෙන් මුහුණ පුරවාගෙන...නමුත් නැවතත් ඔහුගේ මුහුන අදුරු වූයේ කෝපයෙන්...

"සෙබලුන් සූදානම් කරන්න...අපි ප්‍රතිප්‍රහාර එල්ල කල යුතුයි..."

රජු එසේ අණ කරද්දී සෙබලා සහ සෙන්පති හිස නමා ආචාර කුටියෙන් පිටත් වුනා...

"ඒ කියන්නේ...ඔවුන්ට වුවමනා මම සේහා කුමරිය විවාහා කර ගැනීමටත් වඩා රාජ්‍ය අල්ලා ගැනීමටයි..."

"හ්ම්ම්...දේ..."

"එතකොට....මින්හා..."

කුමරු මින්දෝ තම පියාණන් දෙස දෑස් විශාල කරමින් බලද්දී රජතුමා කුමරු දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයකින්...

"දෙවියනේ...මින්හා මට මේක තමා අගවන්න ගියේ..."

"ම්වෝ..??"

"පියාණනි...මං මින්හාව හොයාගෙන එන්නම්..."

රජතුමා ප්‍රශ්න කරද්දීත් කිසිම පිලිතුරක් නොදී කුමරු මින්දෝ පිටත් වුනේ මින්හා සොයා ගන්න...

"මින්හා...!!"

කුමරු මින්දෝ මින්හාගේ නිවසට ඇතුලු උනේ ඇයගෙ නම කෑගැසමින්...

නමුත් ඒ වන විටත් ඇය නිවසින් පිටවී ගොස් තිබුණා...

කුමරු මින්දෝට තේරුම් ගොස් තිබුණා තමන් කල වරද පිලිබදව...මොහොතකට හෝ මින්හා විශ්වාස කලානම් යන පසුතැවිල්ල කුමරුගේ සිතේ තදින්ම කා වැදුණා...

"අන්ද්වේ...මියාන්හේ...චොම්මල් මියාන්හේ...මින්හා..."

කුමරු මින්දෝ මින්හාගේ කුටියට පැමිණෙද්දී සයනයේ තිබූ හැන්බොක් ඇදුම අත් අතර ගුලි කරගන්න අතරතුර හඩමින් පවසන්නට වුනා...

ඇය කුමරු මින්දෝ දුන් කිසිවක් රැගෙන ගොස් තිබුණේ නැහැ...

"අනී...මින්හා...ඔයාට බෑ මේ විදිහට පැනලා යන්න...මං ඔයාව හොයාගන්නවා..."

THE NIGHT OF THE BLOOD 🍁 ✔️Where stories live. Discover now