🍁___24___🍁

168 39 0
                                    

_NEXT DAY_
_BLACK WORRIERS_
_KAI'S VIEW_
_AUTHOR POV_

"හ්‍යුන්ග් ඔයා අදත් යනවද?"

ලෑස්ති වෙන ගමන් හිටපු කායිට කතා කරන ගමන් ජේ ඇහුවා...

"දේ...එනවද යන්න.."

"හ්ම්ම්..මං එන්නම්...හ්‍යුන්ග් යන්නකෝ පහලට..."

එහෙම කියන ගමන් තමන්ගේ රූම් එකට ගියේ ලෑස්ති වෙන්න...දෙන්නම හදන්නේ අදත් යූනි එකට යන්න..හැබැයි ඉතින් මේ දෙන්නත් යුනි එකේ ස්ටුඩන්ට්ස්ලා තමා...suga කායි ඉන්නවා කියලා දන්නවා උනත් වැඩිය ආශ්‍රයක් එයාලත් එක්ක තිබුණේ නෑ...

"අජුම්මා........................"

"යාහ්...යාහ්...මොකෝ මේ කෑගහන්නේ..."

ඒ තමයි කායිගේ mansion එකේ මේන් මේඩ්...එයා ඉන්නේ කායි පොඩි කාලේ ඉදන්මයි...කායිගේ ඔම්මා නැති වුනාට පස්සේ කායිගේ ඔම්මා උනේ අජුම්මා...

"ආ..."

අජුම්මා කායිගේ අතට කිරි එක දීලා ඒක බොන දිහා බලන් හිටියා...අජුම්මට හිතුනේ තමන්ගේ පුතා වගේ හිටපු කායි දැන් ලොකු වෙලා කියලා...ඉස්සර තමන්ගේ අත් අතරටම වෙලා හිටපු පොඩි කොල්ලා දැන් ලොකුයි...

ආජුම්මා දන්නවා කායි නපුරු කෙනෙක් නෙවේ කියලා..කායිව නපුරු කෙනෙක් කලේ එයාගේ වටේ ඉන්න සමහර අයමයි...

කායි එකපාරටම කිරි එක බොන එක නවත්තලා ඇගිලි දෙකකින් නලල පිරිමදින්න ගත්තා...

"කායි...මොකද දරුවෝ..."

ආජුම්මා ඉක්මනට කායි ගාවට ගිහින් කොල්ලව එතන ඩයිනින් ටේබල් එකේ තිබ්බ පුටුවෙන් වාඩි කෙරෙව්වා...

"අජුම්මා....මගේ ඔලුව රිදෙනවානේ..."

කායි එහෙම කියද්දී අජුම්මා කායිගේ ඔලුව ටිකක් මසාජ් කරන්න ගත්තා...

"කායි..ඔයා එක්කෝ අද නොගිහින් ඉන්න දරුවෝ..."

අජුම්මා එහෙම කියද්දී කායි ඔලුව දෙපැත්තට වැනුවේ බෑ කියන්න...

"ම්හූ...මං යන්නම ඕනි අජුම්මා...මේක ටික වෙලාවකින් ඇරිලා යයි..."

"හ්ම්ම්..එහෙනම් පරිස්සමින් යන්නකෝ..."

කායි එහෙම කියන ගමන් අජුම්මට හිනාවෙලා බෑග් එකත් අරන් එලියට ආවේ ජේට එන්න කියලා කියාගෙනමයි...

THE NIGHT OF THE BLOOD 🍁 ✔️Where stories live. Discover now