යීබෝ එකින් එක විස්තර කරද්දි ජාන් අනිත් කාමරේ ඉදන් හැමොගෙම මූණු දිහා බලන් හිටියා..

"ඉතින් ඉස්සරහාටත් මාත් එක්ක මෙහෙම වැඩ කරන්න කියලා මං හැමෝගෙන්ම ඉල්ලනවා.. ඔයාලට ප්‍රශ්න තියෙයි නම් අහන්න පුලුවන්... "

මෙච්චර වෙලා හිටගෙන presentation එක කරපු යීබෝ ආයේ වාඩි වෙන ගමන් අහද්දී හැමෝගෙම අතට කෝපි කෝප්පේ ගාණේ හම්බුනා..

"මාස්ටර්... පොඩි ප්‍රශ්නයක්... "

"ම්න්.. අහන්න.... Mr. Don.. "

"මාස්ටර්.. දැන් අපේ පොඩි අඩුපාඩුවක් තියෙයි නේද.. කිරන් බොස්ගෙන් පස්සේ මාස්ටර් බොස් උනත් දැන් underboss කෙනෙක් ඕනි නේද... "

ඩොන් අහද්දී යීබෝ කට කොනකින් හිනා වෙලා මුකුත් නොකියා කෝපි බොන්න ගත්තා.. ජාන් කාමරේ ඉදන් බලන් හිටියේ මූණට ආපු හිනාවත් එක්කමයි..

"ඔව් මාස්ටර්... ඒක හිස් තියන්න බෑ.. මොකද එහෙම උනොත් අපේ ටීම් එක අස්තාවර වෙනවා.. නේද... ?? "

බෲනෝ කතා කලේ ඩොන්ගේ පැත්තට කතා කරන ගමන්..

"Excuse me.. "

යීබෝ කෝපි එක පැත්තකින් තියලා සිගරට් එකක් පත්තු කරගත්ත.. කොහොමත් යීබෝගේ මේ පුරුද්ද ගැන දන්න නිසා කාටවත් ඒක ප්‍රශ්නයක් නොවුනත් යිබෝ එයාලා කියන දේ ගණන් නොගත්ත නිසා එතන හැමෝගෙම මූණු වෙනස් වෙන විදිහ ජාන් ඇතුලේ ඉදන් බලන් හිටියා...

"මාස්‍ටර්... මේකට දැන් ඔයාලගේ පවුලේ සාමාජිකයෙක් නෑනේ.. ඉතින් විශ්වාසවන්ත කෙනෙක් පත්කරගන්න වෙනවා... "

ආයෙත් එක්කෙනෙක් කිව්වත් යීබෝ හිටියේ ඇස් පියාගෙන සිගරට් එක බොන ගමන්...

ආයෙත් එක්කෙනෙක් කිව්වත් යීබෝ හිටියේ ඇස් පියාගෙන සිගරට් එක බොන ගමන්

Йой! Нажаль, це зображення не відповідає нашим правилам. Щоб продовжити публікацію, будь ласка, видаліть його або завантажте інше.
HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now