"විනාඩියක් ඉන්න බේබී..."

ජීහාන් කාමරෙන් එලියට ගියාම ජන්කුක් කාමරේ පුරාම ඇවිද්දා... එයාට දැන් ජීහාන් එක්ක ඉන්න ඕන වෙලාද? නෑ කොහෙත්ම නෑ... ජන්කුක් ඒ දිහා ආසාවෙන් බැලුවත් කවදාවත් එයා ජීහාන් වගේ කෙනෙක් එක්ක නම් එයාගේ ජීවිතය බෙදාගන්නේ නෑ...

"බේබී අද නම් ඒ තරම් හොද දවසක් නෙවෙයි, ආහ් දන්නවද ඔයාගේ වයසක ඩෑඩ්ට මුකුත්ම තනියම කර ගන්න බෑ... ශිට්"

වයසක ඩෑඩ්? ජන්කුක්ට තරහ ගියා...

"ඇයි?"

ජන්කුක් ඇති උන තරහට කතා කරා... ජන්කුක්ට එයාගේ අප්පා එක්ක වෙනම තරහක් තියෙන්න පුලුවන් ඒත් පිට කෙනෙක්ට බෑ එහෙම එයාගේ අප්පට කතා කරන්න... ජන්කුක්ට ඒකයි තරහා ගියේ-

"කම්පැනි එකේ වැඩ බේබී, ඔයාට ඕවා තේරෙන්නේ නෑ... අදට අපිට යන්න වෙනවා ඒත් මං promise වෙනවා ඉක්මනටම ඔයාව මැරි කරලා මේ ගෙදරට පදිංචියට එනවා කියලා..."

ජන්කුක් මුකුත් කිව්වේ නෑ... එයාව බේරුවට ජන්කුක් දෙවියන්ට ස්තූති කරා... ජීහාන් ජන්කුක්ව ජෙයොන් මැන්ශන් එකට ගෙනැල්ලා දාලා ආපහු යන්න ගියා... ජන්කුක් කෙලින්ම ගියේ එයාගේ කාමරයට-














ටේහ්යුං එයාගේ කාමරේට වෙලා හෙඩ්පෝන් දෙකත් ගහගෙන සින්දු අහන ගමන් ජන්කුක් කවුරු එක්කද ඒ ගියේ කියලා කල්පනා කලා... තමන් ජන්කුක් ගැන කිසිම දෙයක් දන්නේ නෑ නේද කියලා ටේහ්යුංට එතකොටයි මතක් උනේ...

ටේහ්යුං ඉක්මනට එයාගේ යාලුවෙක් වෙන මින්ජුට කෝල් එකක් ගත්තා...

Min-ju : අම්මට බොක්ක, මොකෝ මේ කාලෙකින් අපිව මතක් වෙලා?

Taehyung : අමතක උනේ නෑ බං මතක් වෙන්න.. කොහොමද අලුත් පොට් එක හොදයිද?

Min-ju : අඩේ මං උබට කෝම ස්තූති කරන්නද මංදා V.. ඇත්තටම සුපිරි තැනක් පඩිත් හොදයි.. තෑන්ක් හොදේ...

Taehyung : ඕක මොකක්ද? මේ ඒක නෙවෙයි මට උබෙන් පුංචි උදව්වක් ඕනා මින්ජු...

Min-ju : කියපං කියපං උබ වෙනුවෙන් මමයි මගේ සෙට් එකයි පණ උනත් දෙනවා...

MY TOPS|VMK|✔Onde histórias criam vida. Descubra agora