😈chapter 15😈

Start from the beginning
                                    

යීබෝ එහෙන්ම කිසිම පණක් නැතුව බිම වැටිලා ඉන්න ජාන්ව හරහට උස්සගෙන ගිහින් ඇඳෙන් තිබ්බා...

"ම්ම්ම්.... ම්හ්.. "

ජාන් කෙඳිරි ගාන ගමන් බඩ අල්ලගෙන උණ්ඩි වෙද්දී යීබෝ හිටියේ හොඳටම කලබල වෙලා...

"ජාන්.. ඇයි ඔයාට මේ... ටිකක් ඉන්න.. ඩොක්ටර් එයි.. චුට්ටක් ඉවසන්න... බඩ රිදෙනවද... "

යීබෝට කරන්න දෙයක් තේරුනේ නෑ.. යීබෝ මීට කලින් මෙහෙම දේවල් කරලා නැති නිසා ජාන්ව රිලැක්ස් කරන්නේ කොහොමද කියලා යීබෝට තේරුනේ නෑ..

ජාන් හිටියේ හොඳටම දාඩිය දාලා තෙත් වෙලා නිසා යීබෝ ඉක්මනට ඒසී එක දැම්මා... ජාන් බඩ අල්ලගෙනම තව තව වකුටු වෙන නිසා යීබෝට තේරුනා ජාන් ඉන්නේ බඩේ කැක්කුමක් හැදිලා කියලා..

"ජාන්.... ඔයාට ගොඩක් අමාරුයිද.."

යීබෝ ඒසී දාලා ජාන්ගේ ඇඳුම් ටිකක් ලූස් කරන ගමන් ජාන්ගේ ඔලුව යීබෝගේ උකුල උඩින් තියාගත්තා.. ජාන් එයාගේ බඩ මිරික ගන්න ගමන් කෙඳිරිගාද්දි යීබෝ හෙමීට ජාන්ගේ අත අයින් කරලා ඇඳුම උඩින්ම ජාන්ගේ බඩ අතගාන්න ගත්තා...

"ම්ම්.. හ්ම්... "

තාම විනාඩි දහයක්වත් ගිහින් නැතත් යීබෝට දැනුනේ හුඟක් වෙලාව ගියා වගේ.. යීබෝ ආයෙ phone එක අරන් කුවාන්ට කෝල් කලා..

"කෝ ඕයි... උබ මොනා කරනවද... ඩොක්ටර්ව උස්සන් හරි අරන් එනවා... "

යීබෝ කුවාන්ට කෑ ගහද්දී ජාන් ආයේ වකුටු වෙවී කෙඳිරිගාන්න ගත්තේ යීබෝගේ හිතටත් කවදාවත් නැතුව දුකක් දැනෙද්දී...

"ජාන්.. චුට්ටක් ඉන්න... ඩොක්ටර් එන ගමන්ලූ.. "

යීබෝ ජාන්ට කියන ගමන් හිටියේ ජාන්ගේ බඩ අතගාන ගමන්...

තව විනාඩි පහක් වගේ වෙද්දී යීබෝට බෝට් එකේ සද්දේ ඇහුනා..

"හරි ජාන්.. ඩොක්ටර් එනවා... "

ඒ එක්කම යීබෝට පඩිපෙල දිගේ අඩි සද්ද කීපයක්ම දුවනවා ඇහෙද්දී ජාන්ව ඇඳෙන් තියලා යීබෝ ඇඳෙන් නැගිට්ටා...

"මිස්ටර් යීබෝ.. "

"ඩොක්ටර් ඉක්මනට මෙයාව චෙක් කරන්න.. මං හිතන්නේ බඩේ අමාරුවක්.."

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now