"ජිමින් ජන්කුක්ට කොහොමද?"

"අවුලක් නෑලු ජින්... ම්ම් ඔයා බලන්න යන්න එයාව, එයා අපි දෙන්නට බය වෙලා මගෙ හිතේ-"

ජන්කුක්ව ටේහ්යුං වඩාගෙන ආව එකෙන් ජන්කුක් හුගක් බය වෙලා උන්නා කියලා ජිමින්ට තේරුන නිසයි එයා ජින්ට අවස්ථාව දුන්නේ... ඔලුව වනපු ජින් ඇතුලට යද්දී අතකට වෙලුම් පටියක් දාගත්ත ජන්කුක් ඇද උඩ උන්නා... ජින්ව දැක්ක ජන්කුක් ලාවට හිනා උනත් ඊට පිටිපස්සෙන් ආව ටේහ්යුං, ජිමින් දෙන්නව දැක්ක ජන්කුක් බය උනා... ජන්කුක් බය වෙන්න හේතුව නම් එයාට මීට කලින් මෙහෙම කවුරුත් සමීපව ඉදලා නැති එකයි.. ඒ වගේම ජන්කුක් මිනිස්සුන්ව විශ්වාස කරන්නත් බය උනා...

"හාවෙක්ම තමයි..."

ජන්කුක් තමන්ට බය විත්තිය දැක්ක ටේහ්යුංට කට කොනින් හිනාවක් ගියා...

"ජන්කුක් පැටියෝ, ඔයාට කොහොමද?"

"ම-මං හොදින් ජින් හියුන්..."

ජන්කුක් ජින්ට උත්තර දුන්නා... ජන්කුක් ඇස් කොනින් ජිමින්, ටේහ්යුං දිහා බලනවා දැක්ක ජින් හිනා වෙන ගමන් ආපහු කතා කලා...

"එයාලට බය වෙන්න එපා එයාලා මගේ යාලුවෝ... අර ජිමින් එතකොට අනිත් කෙනා ටේහ්යුං..."

ජින් ජිමින්ව වගේම ටේහ්යුංවත් ජන්කුක්ට අදුන්වලා දුන්නා... ජිමින් නම් හිනා වෙලා අත වැනුවත් ටේහ්යුං නම් ඔරවංමයි උන්නේ... ජන්කුක්ට තේරෙන්නෑ එයාට නිකං ටේහ්යුංව නපුරුම නපුරු රාක්ෂයෙක් වගෙයි පේන්නේ-

"ඔච්චර බය වෙන්නේ අපි දෙන්නා එකතු වෙලා තමුන්ව සමූහ දූෂණය කරන්න අරන් ගියා වගේනේ අපි තමුන්ගේ අතට බෙහෙත් දාන්න ගෙනාවා විතරයි..."

ජන්කුක්ගේ හැසිරීම එක්ක තරහා ගියපු ටේහ්යුං ඒ විදිහේ කතාවක් කිව්වත් ජිමින් එයාට සැර කලා...

"ටේහ්යුං-"

"මොකද?"

ටේහ්යුං, ජිමින් දෙන්නා දෙන්නට දෙන්නා ඔරවගන්න ගමන් ඉන්න විදිහ දැක්ක හෝසොක් ඉක්මනටම ක්‍රියාත්ම උනා... දැන් මෙතනට කොහෙත්ම රණ්ඩුවක් නම් ඕනේ නෑ...

MY TOPS|VMK|✔Onde histórias criam vida. Descubra agora