මින්හාගේ දෑසින් කදුලක් වැටෙද්දී මින්හා තමන්ගේ ඇදුමේ කරෙන් ඇස් පිසදාගත්තා...

"මං...මං ආයේ ඔයාගේ ඇස් ඉස්සරහටවත් එන්නේ නෑ...කිසිම කරදරයක් වෙන්නේ නෑ...මං මේ ගමේ නැති වුනොත් කවදාවත් මාව හොයන්නත් එපා...ම්ම්ම්...ඒත්...මට ඔයාගෙන් එකම එක දෙයක් ඕනි...අන්තිම වතාවට..."

මින්හා වෙව්ලන කටහඩින් එසේ ඇසුවා...

"හ්ම්..මොකද්ද..??"

"එක වතාවක්...මට අන්තිම පාරට ඔයාව සිපගන්න පුලුවන්ද...ඉස්සර වගේ...ඒක ඇති මට මගේ ජීවිතේ ඉතුරු ටික ගෙවන්න...චෙබ---"

මින්හාට කිසිදු වචනයක් කියන්නට ඉඩ නොදී මින්දෝ මින්හාගේ සිහින් ඉණ වටේ තම දෙඅත් යවන ගමන් තමන්ගේ සිරුරට ළං කරගෙන ඇයගේ තොල් සිපගන්නට වුනා...මින්හා ඔහුගේ උරහිස් මත තම දෑත් තබා ගන්න අතරතුර ඔහුගේ සිපගැන්මට ප්‍රතිචාර දුන්නේ දෑස්වලින් කදුලු එක දෙක කම්මුල් දෙකෙහි රූරා වැටෙද්දී...

සිප ගැන්ම ඈත් වූ මින්හා ඔහු දෙස සිනාමුසු මුහුනින් බලා ඔහුගේ කම්මුල මත හාදුවක් තැවරුවා...

"මං යන්නම්...පරිස්සමින් ඉන්න...ඒ වගේම මතක තියාගන්න...ඔයාගේ ආදරේ වෙනස් වුනත්...මං තවමත් ආදරේ කරනවා...හැමදාටම..."

මින්හා ඔහුගෙන් ඈත් වී තම නිවස වෙත පිය නැගුවේ මින්දෝ හැගීම් විරහිත දෑසින් ඇය දෙස බලා සිටිද්දී...

=====

මින්හා තමන්ගේ දෑසේ තිබූ කදුලු පිසදාගත්තා...නිවසට යාමට හිතක් නොවූවා...ඒ කිමද යත් ඇයගේ සහ මින්දෝගේ මතකයන් රැසක් ඒ නිවස තුල තිබූ නිසා....ඇය නැවතුනේ විශාල ගසක් යට...

ගසට තම පිට තබා හේත්තු වූ ඇය මහ හඩින් හඩන්නට වූයේ තමන්ගේ සිතේ තිබූ වේදනාව කදුලුවලට හරවමින්...සෝබින් සේම කුමරිය සේහා තමන්ගේ ජීවිතයම විනාශ කල බව ඇය දැන උන්නත්...ඇය හැම අතින්ම දුර්වල වූවා...

"හාහ්හ්හ්හ්හ්හාහ්හ්හ්..."

කාගේ දෝ සිනා හඩක් ඇසුණු හෙයින් ඇය හිස ඔසවා ඒ දෙසට අවධානය යොමු කලා...

"කුමරිය සේහා..."

"ඔහ්! මින්හා...මේ මොකද මේ...??"

THE NIGHT OF THE BLOOD 🍁 ✔️Where stories live. Discover now