😈Chapter 11😈

Start from the beginning
                                    

ජාන් යීබෝට කලු මාස්ක් එකක් දෙද්දී යීබෝ ඒක දාගත්තා...

ජාන් ටිකක් යීබෝ දිහා බලන් ඉදලා කට කොනින් හිනා උනා...

"මොකෝ..... "

"තමුසෙට ඇස් වලින් මිනී මරන්න පුලුවන් යීබෝ.... "

ජාන් කිව්වේ මාස්ක් එක නිසා හයිලයිට් උන යීබෝගේ ඇස් දෙක දිහා බලලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජාන් කිව්වේ මාස්ක් එක නිසා හයිලයිට් උන යීබෝගේ ඇස් දෙක දිහා බලලා...

"මොකක්....?? "

"මුකුත් නෑ.... අපි මාබල් බීච් එක පැත්තට යමූ... "

යීබෝ කාර් එකේ වේගේ ටිකක් වැඩි කලේ high way එකට දාලා..

"කවුද දැන් ඔය මැරිලා තියෙන නිලිය... "

"සූ යී කියන නිලිය යීබෝ.. අපරාදේ ලස්සන කෙල්ල.... "

"මං දන්න සුයියෙක් නෑ... "

ජාන් කියද්දී යීබෝ කිව්වේ ජාන්ටත් රවලා..

"ඈහ්... විහිලු කරනවද යීබෝ... තමුසේ එච්චර හොට් කෙල්ලව දන් නෑද... "

"ජාන් තමුන්ට මතක නැද... මං චීනෙට ඇවිත් තාම සති දෙකයි... මං දන්න නිලියක් නෑ... අනික මට ඔය ගෑනුනේ නම් මතකත් නෑ.... "

යීබෝ ජාන්ට රවලා කියද්දී ජාන් හිනා උනා...

"ඔහෝ... තමුන් හරියට කතා කරන්නේ කෙල්ලෝ සත පහකට ගණන් ගන්නේ නැති උපාසකයෙක් වගේනේ.... "

ජාන් කියද්දී යීබෝ කට කොනින් හිනා උනා...

"මෙහෙමයි මිස්ටර් ජාන්.. මං උපාසකයෙක් නෙමෙයි.. ඒත් මං කෙල්ලෝ සත පහකට ගණන් ගන්නේ නෑ... මට ඕනි නම් ඒකි මහ රැජින උනත් මං ගන්නවා... හැබැයි එක පාරයි... "

"යැයි යැයි යැයි තමා... හරි ලොකුයි කියලා හිතන් ඇති..  "

යීබෝ ආඩම්බරෙන් කියද්දී ජාන් කටත් ඇඳ කරලා අහක බලන් යීබෝට හෙමින් බනින්න ගත්තේ ඇහෙන් නැති වෙන්න...

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now