නැනීගේ රහස

86 20 8
                                    

Perdita pov...

"තාත්තේ....තාත්තේ....තා...ත්...තේ...."

අනේ මන්දා යකූ මේ තාත්තා නම්...පැය හතරක් තිස්සේ මම කතා කරන්නේ...මේ මනුස්සයා  නිදි....නැනී තාත්තා එනකල් මට කන්න දෙන්නෑ....පූරුවේ කරුම මෙව්වා...

"පර්ඩිටා...ඔය තරම් හයියෙන් කෑ ගහන්න එපා...ඔයා කෙල්ලෙක්..."

"මම නෙමේ නැනී කෑ ගහන්නේ...මගේ බඩේ ඉන්න පනුවෝ ටික මාව කෑ ගස්සනවා..."

"ස්කොට්ට මහන්සි ඇති...නිදාගන්න දෙන්න..."

"ස්කොට් නිදාගත්තට කමක් නෑ...මට කන්න දෙන්න..."

"ගෙදර පිරිමියා එනකල් කෑම කන සිරිතක් නෑ..."

"නැනීටත් ඉතින් උපන් දා සිටි මට වඩා ලගදි ආපු ස්කොට්ව ලොකු උනානෙ..."

මම ඔරවගෙන තාත්තාගේ කාමරේට හේත්තු උනා...එතකොටම මම දැක්කේ නැනීගේ පිටිපස්සෙන් මතු වෙන තාත්තව...හෑ...

"ත...තාත්තේ....ඔයා...කාමරේ නෙමේද හිටියෙ..."

"අද ටිකක් පියාබන්න ගියා..."

"ඈ...."

"අමතකද මම උකුස්සෙක්...ඉතින් මම ටිකක් එලියට ගියා...උදේට අහස හරි ලස්සනයි..."

"මගේ බන්ඩියේ ඉන්න පනුවෝ..."

"ඒ ගැන හිතලා තමා කලින්ම ආවේ...යමු කන්න..."

"තාත්තේ...නැනී මොකෙක්ද..."

"එයා සර්පේක්..."

"අව්ව්ව්...අයි ලව් ස්නේකූ...."

මම කියද්දි නැනී ලස්සන්ට එරෙව්වා...අම්මෝහ් නැනී ඔරවද්දි මාර ලස්සනයි..

"ඔරවන්න එපා නැනී...ඔයා ඉක්මන්ට නාකි වෙයි..."

"මගෙ ඉතින් අහවල් එකක් නාකි වෙන්නයැ..."

"බොරු කියන්න එපා නැනී...ඔයා තාම හංගනවද..."
ඒ තාත්තා...

"ඔයාට මතකනේ ස්කොට්...ඒක ලේ වලින් දුන්න පොරොන්දුවක්....මකරුයි ෆීනික්ලායි ආය එනකල් එයත් එන එකක් නෑ...එතකල් මාත් මෙහෙමයි..."

නැනී මලානික විදිහට හිනා වෙද්දි මම තාත්තා දිහා බැලුවා..එයා නිහඩවම නැනි දිහා බලන් හිටියා...

"ඒත්...ඔයා එයාව හෙව්වොත්.."

තාත්තා කතා කරාම නැනී අපේ පැත්ත හැරුනා..

PerditaWhere stories live. Discover now