Alone Girl

235 38 12
                                    

"පර්ඩිටා...."

වෙනදා වගගේම මම ගෙයින් එලියට බහින්න හදද්දි වයසක නැනී කෑ ගැහුවා...

"මම මිනිස්සු ඉන්න තැන්වලට යන්නෙ නෑ නැනී..."

නැනී මොනාද කටු කුටු ගාලා මුමුනද්දි හැට් එකත් ඔලුවට දාන් මම ගෙයින් එලියට අඩිය තිබ්බා....

මම පර්ඩිටා...ඒකේ තේරුම අතරමං වුනු කියන එක...මම කොහොමත් අතර මං වෙලා ඉන්නේ...මට ලොකූ රහසක් තියනවා...ඒත්..ඒක කියන්න වෙලාව නෙමෙ මේ...

නැනී...මට මේ ලෝකේ ඉන්න එකම කෙනා...එයා ගොඩක් වයසයි...මට ගෙයින් එලියට අඩියක් තියන්න දෙන්නෑ...මට මිනිස්සු ආශ්‍රය කරන්න දෙන්නෙත් නෑ...එයා කියන විදිහට එහෙම කරන්නෙ මගේ ආරක්ශාවට...

නැනීයි මායි ඉන්නේ ලොකූ පරණ ගේක...ඒ ගේ ගොඩක් අය හදුන්වන්නේ witche's house කියලා...හේතුව නම් දන්නෑ...අපි ඉන්න දූපතේ පවුල් පනහක් හැටක් වගේ ප්‍රමානයක් ඉන්නේ...මේක මුහුදෙන් වට වුනු පුන්චි දූපතක්...

"මම ආවා...."

මුහුදට මුහුනලා ගලක් උඩට නැගලා මම කෑ ගැහුවේ මුහුදට...මම හැමදාම මෙතනට එනවා...මේ දූපතේ ටවුන් එකේ වෙන ඔක්කොම මෙතන ඉදන් බලාගන්න පුලුවන්....

ආශ්..මං මා ගැන කිව්වෙ නෑනේ...මගෙ නම පර්ඩිටා...පර්ඩිටා විතරයි..වෙන එක කොටසක්වත් නෑ....වයස දා හතයි..මම සාමාන්‍ය උස තියන කෙට්ටු කෙල්ලෙක්...මම සුදුයි...ගොඩක් සුදුයි...මගේ ඇස් කොළ පාටයි...දනහිසෙන් පහලට දිග අමුතුම දුබුරු පාට කොන්ඩයක් මට තියනවා...ඇත්ත කතාව නම් මගේ කොන්ඩේ අලු පාටයි...නැනීගේ ඩයි නිසයි දුබුරු...

මුහුදු ලිහිනියෝ කලබලෙන් කෑ ගහද්දි මම ගල්පරයෙන් ටිකක් එහා තියන වරාය දිහා බැලුවා...මාසෙට පාරක් එන දුම් නැව අදත් ඇවිත්..ඒ දුම් නැවෙන් තමයි අපිට අවශ්‍ය කෑම බීම ගේන්නේ...මම ලොකු ගලකට මුවා වෙලා දුම් නැවෙන් බාන දේවල් දිහා බලන් හිටියා...

හැමදාම වගෙ ඒවා බාර ගත්තේ දූපතේ පෝසතා...ටොලම්..වයස හතලිහක විතර ටොලම් පෝසක් කාරුනික මනුස්සයෙක්...එයාගේ බිරිද ක්ලේරාත් එහෙමයි...

එලවලු පෙට්ටියක්...
වයින් බෝතල්...
පලතුරු...
රෙදි...
රස කැවිලි...

PerditaOnde histórias criam vida. Descubra agora