"ජිමින්, ජින්, නම්ජූන් ඔය තුන් දෙනා යුනිවර්සිටි එකේ වැදගත් නමක් තියාගෙන ඉන්න ලමයි විදිහට අනිත් අයට ආදර්ශමත් වෙන්න ඕනා ඒත් ඔයාලත් පිට්ටනියක් මැද මෙහෙම ගහගන්නවා... එතකොට ඔයාලා අනිත් ලමයින්ට දෙන ආදර්ශ මොකක්ද ආ? ඒ වගේම ටේහ්යුං, යුන්ගි, හෝසොක් ඔය තුන්දෙනා මොකක් මේ හැමදාම කරන වැඩ වල තේරුම? මේ ලමයින්වත් ඇදලා අරගෙන මෙහෙම මුලු යුනිවර්සිටි එකටම අගෞරව වෙන විදිහට හැසිරෙන්නේ ඇයි? ජිමින්, ටේහ්යුං ඔය දෙන්නගේ දෙමව්පියෝ මේ යුනිවර්සිටි එකේ ඕනර්ලා කියලා අමතක කරන්න වෙනවා මෙහෙම දේවල් දිගින් දිගටම උනොත්- ඒක නිසා මේක ලාස්ට් චාන්ස් එක කියලා හිතලා වැඩ කරගෙන යන්න... ඔය තුන්දෙනා අද කට් කරපු ලෙක්චර් දෙකේම නෝට්ස් complete කරලා ප්‍රොෆෙසර්ට දෙන්න ඕනා එහෙම නැති උනොත් දෙමව්පියන් එක්ක ආපහු එන්න පුලුවන්..." ප්‍රින්සිපල්ගේ දීර්ඝ දේශනාව අවසානයේ හය දෙනාම කරබාගෙන එලියට ආවා...

"බෝයිස් ඇත්තටම ඔයාලට බැයිද එක දවසක් හොදින් ඉන්න? මං කියන්නේ ඔය දෙන්න ඇත්තටම දන්නවද ඔය දෙන්නා ඇයි ඔච්චරටම තරහ කියලා? මං දන්නෑ උබල දෙන්නට මොනා වෙලාද කියලා බැලුවොත් ගහගන්න බලං ඉන්නේ... ආහ් එනවල යන්න දැන් ඔය තුවාල වලට බෙහෙත් දාන්න..."

ජින් එක්ක එකට එක කතා කරන්න පණ්ඩිත ටේහ්යුංවත්, බයනැති ජිමින්වත් ඉදිරිපත් උනේ නෑ... ඇත්තටම ඒක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි බැරි වැඩක්- ඒක නිසා පුලුවන් තරම් කරබාගෙන අහගෙන ඉන්නවා ඇරුනාම එයා එක්ක කට ගහන්න නම් යන්නෑ... ජින් හොද අයට angle කෙනෙක් වගේම නරක අයට දරුණු evil කෙනෙක්... ඒ බව දන්න හැමෝම වගේ එයත් එක්ක හොදින් ඉන්නවා... ජින් ජිමින්ගේ පැත්තේ කෙනෙක් උනාට එයා ටේහ්යුංට වගේම අනිත් දෙන්නටත් හොද යාලුවෙක්... අනිත් එක තමයි කොච්චර ගහ ගත්තත් මේ හය දෙනාගේම දෙමව්පියන් හොද යාලුවෝ කියන එක-

ජින් කට්ටියවම එක්කගෙන ආපහු සික් රූම් එක පැත්තට ගියා... අනිත් අය ආවේ නැතත් එයා එතනට යන්න උන්නේ මොකද ජිමින්, ටේහ්යුං දෙන්නගේ රණ්ඩුව ගැන දැනගත්ත වෙලේ එයා ජන්කුක්ව එතන තනියම තියලනේ ආවේ... ඉතින් ජන්කුක්ව මුණ ගැහෙන්න එයාට ලොකු උවමනාවක් තිබුණා... ජින් නොන්ඩි ගහන ජිමින්වයි, ටේහ්යුංවයි අතින් ඇදගෙන වේගෙන් වේගෙන් සික් රූම් එකට ගියත් දොර ඇරියාම එයා දැක්කා ඒ කාමරේ කවුරුත්ම නැති බව...

MY TOPS|VMK|✔Where stories live. Discover now