😈Chapter 7😈

Start from the beginning
                                    

"තිබුන අසනීපේ.. "

"ස්නායු දුර්වල වීම.. "

"වැක්සින් කලාද.. "

"ඔව්.. "

"කොච්චර කාලෙකට සැරයක්ද.. "

"මාස හයකට සැරයක්..."

"ඇලජික් වර්ග තිබුනද... "

"ඔව්.."

"මොනාටද.."

"ඉස්සෝ දැල්ලෝ අන්නාසි බල මාලු වගේ උෂ්ණාධික කෑම..."

"හැමදාම treatment වලට එනවද.. "

"ඔව්..."

"ලෙඩේ සනීප නොවෙද්දී බෙහෙත් වර්ග වෙනස් කලාද... ? "

ජාන් එක දිගට ප්‍රශ්න කරන් යද්දී ඩොක්ටර් ඒවට ඉක්මනින් උත්තර දුන්නා.. ඒත් අන්තිම ප්‍රශ්නෙට උත්තරේ ගන්න ටිකක් වෙලා යද්දී ජාන්ගේ මූණට හිනාවක් ආවා.. ජාන් නැගිටලා ලොකු හුස්මක් ගත්තා.

"ඩොක්ටර් මේ අවුරුදු පහ ඇතුලත මිස්ටර් වන්ග්ගේ blood කී සැරයක් චෙක් කරලා තියෙද... "

Dr.liu ඉස්සෙල්ලා ප්‍රශ්න වලට ඉක්මනින් උත්තර දුන්නත් දැන් ප්‍රශ්න් වලට උත්තර දෙන්න ටිකක් පරක්කු උනා..

"හරියට මතක නෑ.. "

"ඒ කියන්නේ ඩොක්ටර් blood check කරලා තියෙයිනේ.. නේහ්... "

"ඔව්. "

"Blood වල වෙනසක් තිබුනේ නෑද ඩොක්ටර්.. "

ජාන් ඇහුවේ හොඳට මූණය ලං වෙලා.... උත්තරේ එන්න ටික වෙලාවක් ගියා..

"න්... නෑ... "

"ම්න්.. "

ජාන් කට කොනකින් හිනා වෙලා යීබෝ දිහා බැලුවා.. ජාන් ඇස් වලින් එලිය පෙන්නන ගමන් යීබෝ එක්ක කාමරෙන් එලියට ආවා..

"මිස්ටර් යීබෝ... මට ඩොක්ටර් එක්ක ටිකක් තනියම කතා කරන්න ඕනි.. මිස්ටර් යීබෝ ටිකක් එලියෙන් ඉන්නවද.. ?? "

"ඒ මොකටද.. මං නැතුව.. මාත් එනවා.. "

යීබෝ කිව්වේ කේන්තියෙන්..

"මිස්ටර් යීබෝ මේක මගේ ක්‍රමේ.. නිවැරදි තොරතුරු නැතුව කාවවත් සැක කරනවට මං කැමති නෑ.. ඒ නිසා plz.. මං හැමදේම confirm කරගත්තාට පස්සේ කියන්නම්.. මට මගේ ක්‍රමේට මේක කරන්න දෙන්න.."

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now