😈Chapter 3 😈

Start from the beginning
                                    

ජාන් කිව්වේ කට කොනකින් හිනා වෙලා...

"එකෙක්වත් ලඟට එන්න එපා... ආවොත් තොපේ මාස්ටර් ඉවරයි.. "

ජාන් එහෙම කියන ගමන් යීබෝව ඇඳගෙන වගේ දොර ලඟට යද්දී යීබෝ කට කොනකින් හිනා උනා..

"ආ...යිශ්... boring... උබ එක්ක සෙල්ලම් කර කර ඉන්න වෙලාවක් නෑ මිස්ටර් ජාන්.. I'm so sorry... "

යීබෝ එහෙම කියන ගමන්ම ජාන්ට හිතාගන්න බැරි වෙලාවක ජාන්ගේ කකුලට තදින් පයින් පාරක් ගැහුවේ එහෙන්ම ජාන්ව එතන බිමට වැටෙද්දී...

ජාන්‍ට හොඳ සටන් හැකියාවක් තිබුනත් යීබෝට තරම් උපක්‍රම තිබුනේ නෑ.. පොඩි කාලේ ඉදන් සටන් ක්‍රමම ඉගෙන ගත්ත ලෝකේ ප්‍රමුඛ පෙලේ අපරාධකාරයෝ එක්ක මූණට මූණ සටන් කරලා තියෙන යීබෝට මේක සුළු දෙයක් උනා..

ජාන් බිමට වැටෙනවා එක්කම යීබෝ ආයෙත් එයාගේ පිස්ටල් එක ජාන්ට දික් කලේ ලෝඩ් කරලා කොකාගෙන් ඇගිල්ල තියාගෙනමයි..

යීබෝගේ ඇස් වල තිබුනේ තනිකරම වෛරයක් විතරයි... ඒ ඇස් දැක්කම ටිකක් ගැස්සුන ජාන් ඇස් පියාගත්තේ ඊලඟ තප්පරේ උණ්ඩ දෙක තුනක්ම එයාගේ ඇග පසාරු කරගෙන යයි කියන බලාපොරොත්තුවෙන්...

යීබෝ දත් මිටි කාගෙන දෙපාරක් තුන් පාරක්ම කොකා ගස්සන්න හැදුවත් මොකක්දෝ නොතේරෙන හැඟීමක් යීබෝට ඒකට බාධා කරලා තිබුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යීබෝ දත් මිටි කාගෙන දෙපාරක් තුන් පාරක්ම කොකා ගස්සන්න හැදුවත් මොකක්දෝ නොතේරෙන හැඟීමක් යීබෝට ඒකට බාධා කරලා තිබුනා...

"ආ...යිශ් ශිට්....... "

යීබෝ කේන්තියෙන්ම කෑ ගහන ගමන් තුන් හතර පාරක් වෙඩි තිබ්බේ ජාන්ගේ පිටිපස්සේ තිබුන කුශන් පුටුවට.. ඒකේ තිබුන පුලුන් ටික හැම තැනම විසිරෙද්දී ජාන් අත් දෙකෙන්ම කන් දෙක වහගත්තේ දැනුන බයට....

"උබේ වාසනාවටද මගේ කරුමෙටද මං දන්නේ නෑ... අද මට උබව මරන්න තරම් මානසිකත්වයක් නෑ... ඒ නිසා උබ අදට බේරුනා කියලා හිතාගනින්... "

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now