😈Chapter 2😈

Start from the beginning
                                    

යීබෝ බිබී හිටපු කෝපි එක බීලා ඉවර කරලා කෝප්පේ පැත්තකින් තිබ්බා..

"අන්කල් ඕක කියන්න නම් ආවේ මට අන්කල් එක්ක කතා කරන්න දෙයක් නෑ අන්කල්.. "

"බේබි... දැන්වත් ඔයාගේ තාත්තට වෛර කරන එක නතර කරන්න... ඔයාට නැත්නන් පස්සේ පසු තැවෙන්න වෙයි.. "

"අන්කල්... ඔයා මුකුත් නොදන්නවා වගේ කතා කරන්න එපා.. දන්න කාලේ ඉදන් මං හැදුනේ මගේ සීයා පපා එක්ක.. ඉතාලි වල.. එතකොට මගේ පපා මගේ ලඟ හිටියද.. එයා කලේ මට මමාව විතරක් නෙමෙයි පපාත් නැති ලමයෙක් කරපු එක.."

"බේබී... මේ හැමදේටම බේබි නොදන්න ලොකු හේතුවක් තියෙයි.. මට මාස්ටර් විඳවනවා බලන් ඉන්න බෑ බේබි.. මාස්ටර් හැම වෙලේම කියන්නේ බේබිව බලන්න ඕනි කියලා.. "

ලෙලේ කියද්දි යිබෝ සෝෆා එකෙන් නැගිට්ටා...

"ලෙලේ අන්කල් ඇයි එයාට බැරි ඇවිත් මාව බලන්න... ඇයි මාව හම්බෙන්න එන්න බැරි.... "

යීබෝ ඇහුවේ කේන්තියෙන්...

"බේබි... මාස්ටර්ට පුලුවන් උනා නම් එනවා.. "

"ඉතින්.. ඇයි එන්න බැරි අන්කල්.. මොකෝ එයාට ඇවිඳගන්න බැරිද.... "

"ඔව්...... "

ලෙලේ අන්කල් කියද්දී යිබෝ ලෙලේ දිහා බැලුවේ ඇස් ලොකු කරන්..

"මො.. මොකක්ද.... ?? "

"බේබි මාස්ටර් ඉන්නේ අසනීපෙන්.. එයාට ඇවිඳගන්න බෑ... "

"ම... මං ඒක දන්නේ නෑනේ අන්කල්.. සීයා පපා කිව්වෙත් නෑ.. "

"කවුරුත් දන්නේ නෑ බේබි... පුලුවන්නම් ඇවිත් යන්න... මං යනවා... "

ලෙලේ අන්කල් යනකන් බලන් හිටිය යීබෝ ආයෙත් සෝෆා එකෙන් වාඩි උනා...

"කුවාන්..... "

"මාස්ටර්...."

" ලෑස්ති වෙන්න.. පපාව බලලා එන්න යන්න... "

යීබෝ කියද්දී කුවාන් යීබෝ දිහා බැලුවේ පුදුමෙන්..

"ඇයි උබට කියන දේ තේරුණේ නෑද... "

"ආ..හ්.. හා හරි මාස්ටර්... "

ටික වෙලාවකින් යීබෝ ලෑස්ති වෙලා එද්දී කුවාන් යීබෝගේ අවුඩිය ලෑස්ති කරලා driving seat එකේ වාඩි වෙලා හිටියා.. අනිත් වාහන දෙකත් තිබ්බේ රෙඩි කරල.

HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now