😈 chapter 1 😈

Start from the beginning
                                    

"මාස්ටර්.... බොස් කියලා තියෙනවා හදිස්සියි කියලා... පුලුවන්නම් අදම........ "

ඒ මනුස්සයා ආයෙත් කියද්දී යීබෝ ඒ මිනිහා දිහා බැලුවේ රවලා... ඒ රැවිල්ලේ තේරුම දන්න ඔහු ඉක්මනින් කට වහගත්තා....

යීබෝ ආයෙත් දුම් උගුරක් ඇඳලා සිගරට් එක ඈශ් ට්‍රේ එක උඩින් තිබ්බා...

"කුවාන්..... "

යීබෝගේ හඬ ගැඹුරුයි... ඕනිම කෙනෙක් යටත් වෙන තරමේ පෞරුෂයක් ඒ කටහඬෙත් තිබුනා...

"මාස්ටර්... "

"මෙහෙ තියෙන හොඳම club එක මොකක්ද... ??? "

යිබෝ අවුරුදු 12දී එයාගේ සීයා පපා ලගට ගියේ ඉතාලි වලට... දැන් එයාට 25ක්.. ඉතින් මේ අවුරුදු 13කට පස්සේ යීබෝ චීනෙට ආපු පලවෙනි දවස...

"ම්ම්. මාස්ටර්.. අපේ එක තමයි.. "

"ඒක ඇර... ??? "

"Double zero එක තියෙයි මාස්ටර්... "

"Ok.. 7 වෙද්දී ලෑස්ති වෙන්න... "

යීබෝ කිව්වේ ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිටලා..

" ඒත් මාස්ටර් බොස්......... "

"උබ ආයේ මට ඔය බොස් ගැන කියවන්න ආවොත් ඒ උබ කතා කරන අන්තිම වචනේ කියලා මතක තියාගනින්... "

යීබෝ කෑ ගහලා කියද්දී කුවාන් වගේම එතන හිටපු හැමෝම ඉක්මනින් ඔලුව පාත් කරගත්තේ යීබෝගේ කේන්තිය ගැන හැමෝම දන්න නිසා..

යීබෝ එහෙන්ම ගියේ එයාගේ room එකට.. wash එකක් දාලා සුපුරුදු විදිහට පිලිවෙලට ඇඳගත්ත යීබෝ කුවාන් එක්ක ගියේ car park එකට.. මේ ලෝකේ මේ වෙනකොට තියෙන මිල අධිකම කාර් හැමවර්ගයක්ම එතන තියෙද්දී යීබෝ ඒ අතරින් ඉස්සරහට ගියා....

ඉස්සරහින්ම ටිකක් වෙනම වගේ තිබුන වීදුරු high security cabin එක ඇතුලේ තිබුනේ gold lambogini එකක්...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
HIDDEN DEVILS 😈🔎 (Completed) Where stories live. Discover now