🍁Lycan Thrones 36🍁

20 2 0
                                    


වියරු වැටුන ලයිකන් සෝල් නගරය හරහා දුවන්න ගත්තේ නගරයේ මිනිස්සු ගැනවත් නොහිතා..වාහන සුනු විසුනු කරමින්.බිල්ඩින් උඩින් පනිමින් යන ලයිකන්ගේ චායාරූප අරගෙන මිනිස්සු සමාජ මාධ්‍ය ජාලා වල පල කරන්න ගත්තේ ඇහිපිය නොහලන සැනින්..දකුණු කොරියාවෙම මෙම සජීවී රූගත කිරීම් සීඝ්‍රයෙන් පැතිර ගියේ හුලඟක් තරම් වේගයෙන්..

පොලිස් නිලධාරින් හමුදා සෙබලුන් ක්ශනික ක්‍රියාත්මක වන පරිදි ලයිකන්ට වෙඩි තියන්න ගත්තේ කොල්ලො ටිකත් ලයිකන් පස්සෙ වානහයේ යන ගමන් මේ දර්ශනය බලාගෙන ඉද්දියි.

"එපා..අනේ මගේ හියුන්ග්ට මුකුත් කරන්න එපා..ටේ....හියුන්ග්ව බේර ගන්න...ටේ..මෙයාලා හියුන්ග්ව මරන්න හදන්නෙ."

ජිමින්ගේ කට අතින් වහපු ජන්ග්කුක් ලයිකන් දිහා බලාගෙන එතනින් නොපෙනී ගියෙ බූසාන් වලට ඉක්මනට යන්න හිතාගෙන..

ජිමින් බොඳ වුන ඇස් වලින් වෙඩි වරුසාවක් මැදින් දුවන ලයිකන් දිහා බලාගෙන හිටියේ පපුවත් අතින් අල්ලගෙන..

වෙඩි උන්ඩ දෙක තුන වැදෙනකොට ලයිකන්ගේ වේගය අඩපණ වුනත් ලයිකන් ඔහුගේ උපරිම ශක්තිය යොදලා සෝල් නගරයෙන් පිට වුනේ ලඟම තිබුන වනාන්තරයේ හැංඟෙන ගමන්..ටිකක්වත් විවේක නොගත් ලයිකන් ඇගේ ලේ බේරෙද්දිම කැලේ ඇතුලෙන් බූසාන් බලා දිව්වෙ ඩැරන්ගේ ඉව සෝල් වල කොහෙවත් දැනුනේ නැති නිසා..

කාලය ගෙවීයත්ම ලයිකන්ගේ තුවාල සනීප වෙලා ගිහින් තිබුනා..
කැලය කපාගෙන වේගයෙන් දුවන ලයිකන් ඩැරන් එක්ක හිටියේ වචන වලින් කියා ගන්න බැරි කේන්තියකින්.

කොල්ලො ටිකටත් කලින් ලයිකන් බූසාන් වලට ආවේ පැයකටත් අඩු කාලෙකින්.ලයිකන්ගේ වේගය ඉතා ඉහල වුන අතර ඉව ඊට දෙවැනි නැති වුනා..

ලයිකන් මුලු කැලයම ඉව කරන්න අරගෙන අවසානයේ ලයිකන්ගේ ඉව නතර වුනේ වැම්පයර් මාලිගාව දෙසටයි..

වේගයෙන් දුවන්න ගත්තු ලයිකන් වැම්පයර් මාලිගාවට ඇතුලු වෙනවත් සමඟම වැම්පයර්ලා බයේ වෙව්ලන ගමන් දණ නැමුවේ ලයිකන්ගේ ආධිපත්‍යය නැවත මතක් කරමින්..

Lycan Thrones (Complete)Where stories live. Discover now