🍁Lycan Thrones 11🍁

21 5 0
                                    


Jimin Pov.....

තේහියුන්ග් මාව බිමින් තියලා මගේ ඉස්සරහින් අයින් වෙද්දී මගේ මූනට සතුටක් වගේම ඇස් වලට කදුලු එකතු වුනේ පරන කදුලු සති දෙකකට පස්සෙ ආයෙත් අලුත් වෙමින්.මගේ ඉස්සරහ හිටියේ ජින්,හේසොක්,වගේම ජන්ග්කුක් එක්ක ඩැරන් සහ යූනායි.

"ජින් හියුන්ග්හ්...."

මම දුවලා ගිහින් ජින් හියුන්ග්ව වැලඳගත්තේ වැටෙන්න එන කදුලු බිංදු දෙක ජින් හියුන්ගේ ඇගෙම පිහදානගමන්.

"ජින් හියුන්ග්...මම හිතුවේ ඔයාලා හැමෝටම මාව අමතක වෙලා කියලා."

"අයිගෝ...මගේ ජිමින් පැටියව අපි එහෙම ලේසියෙන් අමතක කරනවද.කෝ මේ බලන්න....ඔය ඉතින් අඬනවද."

ජින් හියුන්ග් මාව එයාගෙන් ඈත් කරලා මගේ කදුලු පිහදාලා මගේ හිස සිම්බේ ආදරයෙන්..මම හේසොක් ලඟට ගිහින් එයා එක්කත් කතා කරේ එයාගේ අතේ එල්ලිලා.

"හෝසු හියුන්..චුට්ටක් හිනා වෙන්නකෝ..ඔයාගේ හිනාව දැක්කෙ නෑ ගොඩ කාලෙකින්."

"අනේ මගේ පිස්සු කොල්ලා.හී..හී...ඔන්න හරිද."

හේසොක් මගේ මූනට එබිලා හිනා වෙද්දී මාත් එයත් එක්ක හිනා වුනා..

"බනී..මගේ හාවෝ..."

"ජිම්න් කොහොමද ඔයාට."

"ම්ම්ම්ම්.හොඳින් නෑ..මම මැරෙන්න ගියා අයියෝ.මේ බලන්න අත."

යටි තොල ඉස්සරහට දික් කරලා අතක් දික් කරලා මම පෙන්නද්දී හැමෝම බය වෙලා වගේ මගේ අත අරන් බැලුවා..හැමෝම මගේ අත බලන වෙලාවෙත් මගේ ඇස් හෙව්වෙම යුන්ගි හියුන්ග්..

"නූනා...කෝ අනේ ඔයාගේ යුන්ගි හියුන්ග්."

"හෑ..මගේද?..ඔයාගෙද.?"

"හරි හරි අනේ..කෝ එයා..ජින් හියුන්ග්..කෝ එයා..තාම එයා මග එන ගමන්ද."

"හෝසුයා..එයා එන්න කොච්චර වෙලා යයිද.."

මම හැමෝම ලඟට ගිහින් යුන්ගි හියුන්ග් ගැන ඇහුවත් කවුරුත් කිසිම කතාවක් නෑ.

"බනී..අපි ගෙදරට යමු..අපේ තාත්තාත් නෑ.එයා සෝල් ගිහින්..අපි යුන්ගි හියුන්ග් එනකම් ඉමු නේද..යමුකෝ බනී එන්නකෝ."

Lycan Thrones (Complete)Where stories live. Discover now