🍁Bonus 02🍁

18 2 0
                                    


        *ලයිකන් පුරාවෘතය*

ජිමින් පොලොව යට කාමරයට  වෙලා මේසේට ඔලුව තියාගෙන හිටියේ ඒයා දැක්කෙ හීනයක්ද නැද්ද කියලා කල්පනා කරන ගමන්.

කම්මැලි කමට ජිම්න් මේසේ උඩ තිබුන හැම පොතක්ම පෙරල පෙරල පැත්තකට විසිකරද්දී ආයෙත් පාරක් ජිම්න්ගේ ඇස ගැටුනේ "ලයිකන් පුරාවෘතය" කියන පොත ලඟයි..

චූටි අත්වලට ටිකක් බර වුන ඒ ලොකු පොත අත්දෙකෙන්ම උස්සලා තමන්ගේ ලඟට ගත්තු ජිමින් පොතේ පලවෙනි පිටුව පෙරලලා පොත කියවන්න ගත්තා..
.
.
.
.
.
.
.
.
.
වර්ෂ 1870*

*මින් ෂියැන් ගෝ සාමිවරයා විසින් ලියන ලද්දකි.*

          අවුරුදු පනහක්ටත් අධික කාලයක පැවතුනු ගෝර්යෝ රජපෙලපතේ අවසන් පුරුක වුන මින් රජතුමාගේ කාලයේ සිදු වූ සත්‍ය කතාවක් ඇසුරෙන් මෙය ලියමි...

ලස්සන කඳු පන්තිවලින් වටවුන ජනගහනය අතින් ඉතා සුලු පිරිසක් වාසය කල සෝල් නගරයට මධ්යස්ථව පිහිටි රජ මාලිගාව නගරයේ ප්‍රධාන කේන්ද්‍රස්තානය විය...

දකුනු කොරියාවම පාලනයට නතු කර ගනිමින් දිවෙන ගෝර්යෝ රජ පරම්පරාවේ අවසන් උරුමක්කාරය වුන මින් යුන්ගි ඉතා කෘර පාලයකයෙක් බව දැනටමත් ඉතිහාස ගත වී අවසානය.

එක් සහෝදරයෙක් පමණක් සිටින ගෝර්යෝ රජ ඉතා හුදෙකලා වගේම ගුප්ත චරිතයකට හිමිකම් කී අතර රජකම ඇරුනම මොහුගේ කිසිම මානූෂිය බවත් නැති තරම්ය...

දසත විහිදෙන ගම්නියම්ගම් වල සිටින අහිංසක දුගී දුප්පත් මිනිස්සුන්ට පිහිටක් වුනෙත් මේ කෘර පාලකයායි...රජට තිබුන බය වගේම ඔහුගෙන් යැපැනෙන්නන් වුන දුප්පත් මිනිස්සු මින් යුන්ගි තම පාලනයට අරන් තිබුනේ වයස අවුරුදු දහයෙදි පමණ.

මවගේ අනියම් සම්බන්ධතා මත පියාද අහිමි වුන මින් රජ හැදී වැඩුනේ තම වැඩිමහල් සහෝදරයා වුන සොක්ජින් සමඟයි..
තම සහෝදරයාට ඇරුනම කිසිම කෙනෙකුට අවනත නොවුන මේ රජගේ හිත එක් දිනක ලස්සන පිරිමි රුවක් ලඟ මෙල්ල වුනේ සොක්ජින්ද පුදුම කරමින්...

සෝල්වලින් එපිට 4 km පමණ එහාට විහිදෙන කුඩා ගමක සැරිසරමින් සිටි මින් යුන්ගිගේ ඇස ගැටුනේ එලු පැටවුන් ටිකක් කිහිලි ගන්නගෙන දුවන කුඩා පිරිමි ලමයෙක් ලඟ.වැටි වැටී දුවන අවුරුදු 20 ක පමණ තරුණ පිරිමි ලමයා උස අඩි 5 ක් විතර වුන ලස්සන ශ්වේත වර්ණ ඇගකට සහ අලු පාට ඇස් වලට හිමිකම් කියපු කඩවසම් වගේම හුරතල් පෙනුමක් ගත්තා..

Lycan Thrones (Complete)Where stories live. Discover now