🍁Lycan Thrones 12🍁

20 5 2
                                    


Author Pov...

ගල්දෙබොක්කාව අතරින් පහලට වැටුනු ජිමින් වතුර ඇතුලේ ගිලිලා ගියෙ හැමෝම කෑ ගහද්දි..ඒ එක්කම ජිමින් වගේම නම්ජූන් ගල්දෙබොක්කාව අතරින් එලියට එන වතුර පාර දිගාවට වේගයෙන් පියාඹලා ගියේ ජිමින්ව අල්ල ගන්න.

ජිම්න්ට පීනන්න පුලුවන් උනත් සැඩ පහර රලු නිසා ජිමින්ට වතුර එක්ක පොර බදින්න අමාරු වුනා.අත්දෙකෙන් වතුරට ගහ ගහ අමාරුවෙන් ඔලුව උඩට ගන්න දගලන ජිමින් නැවත වතුර ඇතුලට ගිලුනේ ඔලුවට උඩින් ආපු වතුර පාරකට.

තේහියුන්ග් වගේම නම්ජූන් වතුරෙ හැම තැනම ජිමින් ගැන සෝදිසියෙන් හිටියේ.ඒත් දෙබොක්කාවෙන් වැටුන ජිමින් ආපහු එලියට ආපු නැති නිසා හැමෝම හිටියේ ගොඩක් බයෙන්.

"අනේ හියුන්හ්..මගේ ජිමිනා."

"ටේ බය වෙන්න එපා..මම තව ටිකක් පහලට ගිහින් බලන්න.ඔයා අනිත් කට්ටියව දිය ඇල්ල පාමුලට ගේන්න.ඉක්මනට"

නම්ජූන් එහෙම කියලා ඇල්ල පාමුලට යද්දී තේහියුන්ග් එක එක්කෙනා දිය ඇල්ල පහකට අරන් ඇවිල්ලා ගොඩින් තිව්වා.

"අනේ නම්ජූන් මොනවා හරි කරන්නකෝ..අපේ ජිම්න්ව හොයා ගන්නකෝ.ආයිස්.."

එහෙම කියලා ජින් වතුරට බැහැලා ජිමින්ගේ නම කිය කිය කෑ ගහන්න ගත්තා..ජන්ග්කුක් ඩැරන් දෙන්නත් වතුර බහිද්දී හෝසුගේ ඇස ගැටුනේ දිය ඇල්ල උඩ ඉදන් බලාගෙන ඉන්න රවුග්ලා කන්ඩායමක්.

"ජින් හියුන්ග්...රවුග්ලා ඉන්නවා."

"උන් දැන් පහලට එන එකක් නෑ හොසුයා..ඇවිල්ලා ජිමින් හොයන්න උදව් වෙන්න."

හේසොක් වතුරට බැහැලා වතුර යට පීනලා ගිහින් ජිමින් හෙව්වත් වැඩි වෙලා වතුරේ ඉන්න බැරි නිසාත් කරුවල නිසා මුකුත් පේන්නෙ නැති නිසාත් හැමෝම ආපහු ගොඬට ආවා.

"තේහියුන්ග් ටිකක් විවේක ගන්න."

අහසේ පාවි පාවී ඇල්ල වටේම ජිමින් හොයන තේහියුන්ගේ ඇස් වලින් කදුලු කඩා වැටුනේ ජිමින් මේ පාරත් එයාව දාලා ගියාදෝ කියලා බයෙන්.
තේහියුන්ග් පහලට ඇවිල්ලා ගලක් උඩ වාඩි වුනේ අතින් කදුලු පිහදාන ගමන්.

Lycan Thrones (Complete)Where stories live. Discover now