🍁Lycan Thrones 25🍁

17 3 0
                                    


Author Pov.....

පස්ස හැරී හැරී දුවපු ජිමින්ගේ හිනා හඩින් මුලු මාලිගාවම පිරෙද්දී හැමෝම චූටි ජිමින්ගේ මේ හුරතලේට ආස කරා...
දුවගෙන ආපු ජිමින් එක පාරටම ඇගේ හැප්පුවේ තේහියුන්ගේ..

"මැනික..කොහෙද දුවන්නෙ."

"ටේ...ටේ...ඔයා මෙහේ."

ජිමින් එහෙම කියාගෙන ඉක්මනට තේහියුන්ගේ ලෝගුව අස්සෙ හැංගුනේ..

"ටේ...බලන්න ලයිකන් කින් මාව මරන්න හදනවා."

"යා..ජිමින්..මම කොයි වෙලේද මරන්න හැදුවේ."

"හරි ඉතිම්...ඒ වුනාට එහෙම තමයි කියන්නෙ."

ජිමින් තේහියුන්ගේ ලෝගුව ඇතුලෙන් එලියට ඔලුව දාලා යුන්ගිට දිව කරා...

තේහියුන්ග් නම්ජූන් දෙන්නම හදිස්සියේම ආපු නිසා යුන්ගිට තේරුනා මොකක් හරි අවුලක් තමයි කියලා..තේහියුන්ගේ මූනේ තිබුනේ හැඟීම් විරහිත බවක්..යුන්ගි ටිකක් වෙලා තේහියුන්ගේ මූනයි නම්ජූන්ගෙ මූනයි බලාගෙන ඉද්දී ජිමින්ට දැනුනේ තේහියුන්ග් ලඟින් අමුතු ගඳක්..

"ටේ...

"ජිමිනා.."

ජිමින් කියන්න හදපු දේත් නවත්තලා මාලිගාවේ දොරටුව දිහා බැලුවේ සුදු රෙද්දකින් බිම වහලා තියෙන දෙය දැක්කම. ඒ එක්කම ආපු ලොකු හුලඟට සුදු රෙද්ද විසි වෙලා යද්දී ජිමින් දැක්කේ හිස කඳින් වෙන් කරපු මල කඳක්...ජිමින් බය වුන පාර පස්සෙන් පස්සට එද්දී යුන්ගි ජිමින්ව අල්ල ගත්තා..ජිමින් යුන්ගිගේ මූන දිහා බැලුවාම යුන්ගි කරේ ජිමින්ව එකපාරටම එයාගේ පපුව අස්සෙ හංඟ ගත්ත එක..

"හි...යුන්ග්...."

"ශ්ශ්...ඔක්කොම හරි..මම ඉන්නවනේ."

ජිමින් හොඳටම බය වෙලා වෙව්වලනවා කියලා යුන්ගිට දැනුනා..කේන්ති ගියාම ඉන්න ජිමිනුයි බය වුනාම ඉන්න ජිමිනුයි ගොඩක් වෙනස් නිසා එතන හිටපු හැමෝම ජිමින්ගේ වෙනසට ගොඩක් පුදුම වුනා.

ඒ එක්කම එතනට ආපු ජන්ග්කුක් හැමෝමට ආචාර කරද්දී..

"කුකී ජිමින්ව එක්කගෙන යන්න."

"හරි හියුන්ග්."

"ජිමිනා එන්න අපි යමු."

ජන්ග්කුක් ජිමින්ව යුන්ගිගෙන් ගන්න හැදුවත් ජිමින් යුන්ගිව හයියෙන් බදාගෙන හිටියා..

Lycan Thrones (Complete)Where stories live. Discover now