🍁Lycan Thrones 30🍁

19 4 0
                                    


"ජිමින් එන්න අපි ඇතුලට යමු."

තේහියුන්ගේ හඬින් පියවි සිහියට ආපු ජිමින් එතනින් යන්න ගියේ..පොතේ හැටියට ගෝර්යෝ රාජවංශයේ අවසාන රජතුමා මින් යුන්ගිනම් ඇයි එයාගේ නම සඳහන් වෙලා නැත්තෙ කියලා හිතන ගමන්..

පැටලුනු නූල් බෝලයක් වගේ එකින් එක එකින් එක ලිහෙන ප්‍රශ්නයක් ගානේ නැවත ප්‍රශ්නයක් එකතු වෙන මේ අත්භූත ලයිකන් පුරාවෘතය ගැන දැන්නම් ජිමින්ට අනිවාරෙන්ම හොයා ගන්න ඕනි වුනා..

"යුන්ගි හියුන්ග්.."

එතනට දුවගෙන ආපු හේසොක් යුන්ගි අතට තද කලු පාටට හුරු මැද කොල පාටින් ගලක් අල්ලපු මාලයක් දුන්නා..

"මොකක්ද මේක.."

"මේක ඩැරන්ගේ ඇදුමේ තිබිලා වැටුනේ."

"උගේ ඒවා අපිට මොකටද බන්..විසිකරපන් ඕක."

"හා..හියුන්ග්."

හේසොක් ඒක ආපහු අරගෙන යන්න හදද්දි නම්ජූන්.

"පොඩ්ඩක් ඉන්න හේසොක්..මට ඕක ටිකක් බලන්න පුලුවන්ද."

නම්ජූන් හේසොක්ගෙන් මාලය ඉල්ලගෙන හොඳට පරීක්ෂා කරලා..

"අපිට සැක කරන්න කෙනෙක් ඉන්නවා"

එහෙම කියන ගමන් නම්ජූන්ගේ ඇග ඇතුලේ තිබුන ඒ වගේම මාලයක් ඇදුමෙන් එලියට අරන් හැමෝටම පෙන්නද්දී..තේහියුන්ග් එයාගේ මාලය එලියට අරන් යුන්ගිට පෙන්නුවා..

"එතකොට මේ මාලය."

"ඔව් හියුන්ග්.මේක වැම්පයර් කෙනෙක්ගේ.අපි හැමෝටම මේ වගේ මාලයක් තියෙනවා."

"ඒ කියන්නෙ තේහියුන්ග්ටයි ජිමින්ටයි වස දීලා තියෙන්නෙ එක්කෙනෙක්.."

"අනිවාරෙන්ම හියුන්ග්..ඩැරන් මේකට සම්බන්ධයි කියලා අපිට දැන් සැක කරන්න පුලුවන්."

නම්ජූන් යුන්ගි දෙන්නම කතාවේ යෙද්දෙදී..ජිම්න් මෙලී එක්ක එතනින් ශේප් එකේ මාරු වුනේ අනිත් අයගේ ඇස් වහලා..
.
.
.
.
.
.
.
.
Jimin Pov...

මට ඕනි වුනේ මාලිගාවෙන් යන්න කලින් කොහොම හරි මේ පුරාවෘතය ඇත්තද කියලා දැන ගන්නයි.මෙලීට බොරුවක් කියලා එයාව එක්කගෙන ආවත්..මෙලීත් ප්‍රශ්න පිට ප්‍රශ්න අහන්න ගත්තා..

Lycan Thrones (Complete)Where stories live. Discover now