Jimin Pov....මම මෙලී එක්ක කොලේජ් එකට ආවත් හිත තිබුනෙම තේහියුන්ග් ලඟ..
"ෂුමීයා..."
"ම්ම්ම්ම්ම්
"මට අලුත් යාලුවෙක් හම්බුනා බන්..අලුත් කිව්වට අලුත්ම නෑ."
"කවුද ඒ."
"තේහියුන්ග්...කිම් තේහියුන්ග්."
"අපේ කොලේජ් එකේ කෙනෙක්ද."
"නෑ නෑ එයා කොලේජ් ගිහින් ඉවර කෙනෙක්..මාව එදා බේර ගත්තේ..මම හවසට උබට පෙන්නනම්කෝ.."
"ඔහ්..ඒ ඩයල් එකද.මේ.මේ උබ ඕන යාලුවෙක් තියාගනින්.හැබැයි මේ මාවනම් යාලුකමින් කපන්න හිතන්නවත් එපා."
"යාශ්..දෙන්නෙ කන පැලෙන්න."
"එහෙනම් අඩිය උස සපත්තු දෙකක් දාන්න වෙයි."
"අනේ මේ...මගෙන් මැරුම් කන්න එපා උබ."
"හරි ඉතින් දැන් මම මුකුත් කිව්වයෑ."
මෙහෙම පන්තියේ මායි මෙලී දෙන්නා කුටු කුටු ගගා ඉද්දී
දන්නෙම නැතුව දවල් කෑම වෙලාවත් ආවා..අපි දෙන්නම කැන්ටිමට ගිහින් කෑම බෙදාගෙන ප්ලේට් එකත් අරගෙන ආවේ එලිමහන් බංකු ටිකේ ඉඳගෙන කන්න..මම ආසම ගස්කොලන් දිහා බලාගෙන කෑම කන්න..ඒ නිස මම මෙලීවත් ඇදගෙන හැමදාම කෑම කන්න එතනට යනවා.."මේ බන් කවුද අර අතන ගහ පිටි පස්සහා ඉන්නෙ."
මෙලී අහද්දී මාත් බැලුවා ටිකක් ඒ පැත්තේ
"ටේ..ටේ..එයා ඇයි මේ වෙලාවේ කරදරයක් ද දන්නෙ නෑ."
ටේ කලු පාටම ඇදලා කුඩයකුත් ඉහලගෙන ගහකට හේත්තු වෙලා ඉන්නවා.මම ඉදගෙන හිටපු තැනින් නැගිට්ටේ තේහියුන්ග් ලඟට යන්න හිතාගෙන ඒත් ඒකට තාප්පෙන් පැනලා පාරෙනුත් එහා පැත්තට යන්න ඕනි.
"යා..උබ කොහෙද ඔය යන්න හදන්නෙ සිකියුරිට දැක්කොත් පිනාට කියයි."
"අනේ ෂූ..හොඳ එකානේ..පොඩ්ඩක් බලහන්..මම ඉක්මනට එන්නම්."
එහෙම කියලා මම දුවලා ගිහින් තාප්පෙන් එහා පැත්තට පනිද්දී තේහියුන්ග් මාව එක පාරටම අල්ල ගත්තා..
"ඔයා කොහොමද මෙච්චර ඉක්මනට මෙතනට ආවේ ටේ."
"ම්ම්ම්ම්.මට එන්න පුලුවන්නෙ."
ESTÁS LEYENDO
Lycan Thrones (Complete)
Hombres Loboපතාගෙන එන ආත්ම ගානක බැඳීමක උරුමක්කාරයෝ දෙන්නෙක්, සාදාකලික සහෝදර ප්‍රේමයද,ආදරය, නමක් නැති බැඳීමක හිමි අහිමි ජීවිතය, අවසන් ආත්මයේදිවත් ඔවුන් හමුවේවිද