🍁Lycan Thrones 15🍁

24 4 0
                                    


Author Pov...

"හියුන්ග්...හියුන්ග්.ඔහොම නවතින්න..අනේ මම කියන දේ අහන්නකෝ."

"මගෙ පස්සෙන් ඇවිල්ලා මගෙ යකා අවුස්සන්න එපා ජිම්නා.පලයන් මෙතනින්."

"හියුන්ග්..මට සමාවෙන්න.ඒක මම හිතලා කරේ නෑ.මට අමතක වුනා මම ඉන්නෙ මාලිගාවක කියලා.."

"ඒත් උබට කට නැද්ද ආ.."

කෑම ශාලාවෙන් එලියට ආපු යුන්ගි පස්සෙන් දුවගෙන ආපු ජිමින් යුන්ගි එක්කම එයාගේ කාමරේට ඇවිල්ලා දොර වැහුවා.

"මට අදට සමාව දෙන්න හියුන්ග්."

"බෑ.උබ හැමදාම කරේ වැරැද්දක් කරලා සමාව ඉල්ලපු එක.පලයන් මගෙ කාමරෙන් එලියට."

"හ්ම්ම්ම්."

ජිමින් ඇස් වල කදුලු පුරවගෙන කාමරයෙන් එලියට යනහැටි යුන්ගි කන්නාඩියෙන් බලාගෙන හිටියා..ජිමින් ඩැරන්ව බිමට ඇදලා දාපු එක එයාට ලොකු ප්‍රශ්නයක් නැති වුනත්..ඩැරන් කියන්නෙ යුන්ගිගෙ පොඩි කාලේ ඉදන් එකට හිටපු යාලුවා නිසා යුන්ගිට ඩැරන් ඉස්සරහ ගොඩක් ලැජ්ජ හිතුනා..එක වෙලාවකට ජිමින්ගේ දඟ වැඩ වලට යුන්ගි ආසා කරත් පොඩි දෙයක් ඇති යුන්ගිට තරහ ගන්න.ඒත් මේ ජිමින්ව රිද්දන්න යුන්ගි කැමති නැති වුනත් පොඩි දෙයකින් වුනත් යුන්ගි ජිමින්ව තරහ කර ගන්න හැදුවේ ලයිකන්ට ජිමින් ගැන ඉව වැටෙයි කියලා හිතලා..

ඇදෙන් නැගිටපු යුන්ගි දොරත් ඇරගෙන එලියට ඇවිල්ලා කදුලු පිහද පිහද යන ජිමින්ව දැක්කා..දිග ගවුම ජිමින්ගේ යටි පතුල්වලට පෑගෙද්දී වැටී වැටී යන ජිමින්ව දැකලා යුන්ගි දුවලා ගිහින් ජිමින්ව හරහට වඩාගෙන එයාගේ කාමරයට එක්කගෙන ආවා..ජිමින් එකදු වචනයක්වත් නොකියා යුන්ගිගේ පපුව අස්සෙ ඔලුව ගහගෙන ඔහේ හිටියා..යුන්ගි ජිමින්ව ඇදෙන් තියලා සේවකයෙක්ට කියලා කාමරේට කෑම ගෙන්වා ගත්තේ ජිම්න්වත් යුන්ගිවත් හරියටම කෑවේ නැති නිසයි.

"පාටි බෝයි ඔහොම අඬනවද."

"හියුන්ග්..මම දන්නවා.ඔයා මේ වගේ දේවල් කරන්නෙ ඇයි කියලා.."

ජිමින් එරමිනිය ගොතාගෙන ඇද උඩ වාඩි වෙලා යුන්ගිගේ එක අතක් අල්ලගෙන එහෙම කියද්දී යුන්ගි අත ඇදලා අරන්.

Lycan Thrones (Complete)Tahanan ng mga kuwento. Tumuklas ngayon