🍁Lycan Thrones 02🍁

49 7 0
                                    


දශක ගානක් ආතීතයට දිව ගියත් ලයිකන් වරයකුගේ උපත කිසිඳු කෙනෙකු අසා තිබුනේ නැති තරම්.මේ ගෙවෙන්නෙ 2093 වෙනි වසරයි.මීට අවුරුදු 1000 කට පෙර වැම්පයර්වරයකුට හා වෙයර්වුල්ෆ් කෙනෙකුට දාව උපන් දරුවෙක් ලයිකන්,වෘක,වැම්පයර් මේ සෑම අංශයක්ම තමා යටතට ගත්තේ ලයිකන් රජ පදවිය අතට ගනිමින්.ලයිකන් කෙනෙකුගේ උපත් සිදුවන්නෙ වසර දාහකට එකකටත් අඩුවෙන්.එසේ උපදින ලයිකන් තම බලය අණසැක සැමදෙනා අතරම පතුරවමින් සියලු දෙනා තමන් යටතට ගන්නවා.

"ටේ..ඔයා මොනවද කල්පනා කරන්නෙ."

තම ආදරනීය සහෝදරයා තේහියුන්ගෙ හිතේ තියෙන දුක දැන දැනම තේහියුන්ගේන් ඇහුවේ තවත් තේහියුන්ග්ට දුක් වෙන්න දෙන්න බැරි නිසයි.

"තේහියුන්ග් තවත් ඔයා බලාගෙන ඉදලා තේරුමක් නෑ.ඒක ජිමින්ගේ අන්තිම ආත්මෙ වෙන්න ඇති."

"නෑ හියුන්.එයා ආයේ ඉපදිලා.ඒක මට දැනෙනවා.මම කොහොම හරි මගෙ ජිමින්ව හොයා ගන්නවා."

"මල්ලි ඔච්චර මුරන්ඩු වෙන්න එපා..දැන් අවුරුදු 50 ක් ගෙවිලා ඒත් ජිමින් ආයේ ඉපදුනාද නැද්ද කියලා අපිට හොයා බැරි වුනා.ඔයාට දැන් වයස 100ත් පැනලා.මට බෑ ඔයා දුක් විදිනවා බලන්න..දැන්වත් ඔයා රජකම බාර ගන්න ඕනි..මට හැමදාම මෙහෙම ඉන්න බෑ.වැඩිහිටියෝ ඒකට කැමති නෑ."

"මන් දන්නවා හියුන්.මට ටික කාලයක් දෙන්න.මටත් මහන්සි හියුන්..ඒත් ජිමින් මගේ ඇගේ කෑල්ලක් වගේ.මම එයාව අමතක කරන්න හදන හැම මොහොතකම මට ඕනවටත් වඩා මතක් වෙන්නෙ ජිමින්.එයා මගෙ සෝල්මේට්"

"මොකක් ඒ කියන්නෙ ඔය දෙන්න ආදරේ කරනවද."

"මොනවද හියුන් ඔයා කියන්නේ.ජිමින් මගේ හොඳම යාලුවා.ඒක අද ඊයේ නෙමෙයි.මේක ආත්මෙන් ආත්මේ පතාගෙන ආපු දෙයක්.ඇත්ත මම ජිමින්ට ආදරෙයි.ඒත් ඒක ඒ වගේ දෙයක් නෙමෙයි හියුන්..ඒක මගෙ හිත හොඳටම දන්නවා."

තේහියුන්ග් වගේම නම්ජූන් හිටියේ ඈත අහසේ පායලා තියෙන පුර හඳ දිහා බලාගෙන.කැලෑව ඇතුලෙන් ඇහෙන මූසල වෘක හූ හඬවල් අන්ධාකාර වනාන්තරය ඇතුලේ දෝංකාර දුන්නෙ.කැලෑව ඇතුලේ නිදාගෙන හිටපු වව්වුලුන් සී සී කඬ ඉගිලිලා යද්දියි.

Lycan Thrones (Complete)Où les histoires vivent. Découvrez maintenant