🍁Lycan Thrones 34🍁

20 4 0
                                    


ජිමින් වගේම යුන්ගි දෙන්නම හිටියේ ගොඩක් ලොකු හිසරදයකින්.ඒත් යුන්ගි අමාරුවෙන් ජිමින්ව හොයන්න යන්න ගත්තේ තමන් ගැනවත් හිතන්නෙ නැතුවයි.

අශ්ව කුර සටහන් ජිමින්ගේ ගමෙන් එපිටට ගිහින් තිබුනේ නැති නිසා ජිමින් ගිය තැනක් කොල්ලො ටිකක හිතා ගන්න බැරි වුනා..

කොල්ලො ටික ඔක්කොම බෙදිලා ගිහින් බූසාන් නගරය පීරලා ජිම්න්ව හෙව්වත් ජිමින්ගේ කිසිම සලකුනක් ඉතුරු වෙලා තිබුනේ නෑ..

ජන්ග්කුක් තේහියුන්ග් වෙන වෙනමත් හේසොක් වෙනමත් යද්දි ජින් යුන්ගි එක්ක ගියා..

"යුන්ගියා..අපි බලන්න පුලුවන් හැමතැනම බැලුවා..ඒත් ජිම්න් නෑනේ..අපිට ජිමින්ගෙ ඉවක්වත් දැනෙන්නෙ නැත්තේ ඇයි"

බස් හෝල්ට් එකක් ලඟ ඉඳ ගන්න ගමන් ජින් කිව්වෙ යුන්ගි නොසන්සුන්ව කනුවකට වාරු වෙද්දියි.

"දැන් කොහොමද යුන්ගියා."

"කියන්න තරම් හොඳක් නෑ හියුන්ග්."

යුන්ගි එහෙම කියලා බංකුවෙන් වාඩි වෙලා පාරේ එහා මෙහා යන වාහන ගැනත් දැඩි සෝදිසියෙන් හිටියා..මේ අතරේ පාර පනිමින් යුන්ගි හිටපු දිහාවට ආවේ මෙලීයි.

"හියුන්ග් අර බලන්න."

"ඒ ෂුමී නේද.කෙල්ල කොහෙද යන්නෙ."

ජින් ෂුමීට අත වනන ගමන් කිව්වෙ ෂුමීව ගෙන්න ගන්න අදහසින්.

"ජින් ඔප්පා..මොකද වුනේ ජිම්න්ව හම්බුනාද."

හිස දෙපැත්තට වනපු ජින් යුන්ගි දිහාත් බලද්දී යුන්ගි එපිට බලාගෙන.

"ෂුමී කොහෙද යන්නෙ."

"ඔප්පා..තාත්තා කිව්වා උදේම මට සෝල් එන්න කියලා.මට මෙහේ තනියම ඉන්න බෑනේ..මාව බලා ගන්න ඉන්න ආන්ටි රෑට නැති නිසා තාත්තා බය වෙලා."

"ම්ම්ම්."

"දැන් මාව ගෙනියන්න කැබ් එකක් එයි."

"පරිස්සමින් ෂුමී.."

"මම පරිස්සම් වෙන්නම් ජින් ඔප්පා..කොහොම හරි ජිමින්ව හොයා ගන්න.අපේ තාත්තගේ යාලුවෙක් ඉන්නවා කිව්වා පොලිස් CID කෙනෙක්.එයාගෙන් උදව් ගන්න පුලුවන් වෙයි."

Lycan Thrones (Complete)Where stories live. Discover now