P𝚊𝚛𝚝 2️⃣1️⃣

762 118 13
                                    

හෙමින් සිරැවේ ඔහුන් අසලට පිවිසෙන අයෙක් අකීල් දුටුවේ නැහැ.
මේ අන්දකාර රාත්‍රියේ මාරයන් සේ පැමිණ අහිංසක ජිවිත තුනක් එක්ක කරන සෙල්ලම තවමත් සහචරයන් අවසන් කර නැති හැඩකි...
ජිවිතය වටිනාකම අබමල් රේණුවක තරම් ඔහුන්ට තේරුමක් නැති සෙයකි........

ඉදින් අකීල් දැනුනේ තම දැස් පියවෙනවා පමණි ,
ඔහු නෙදීෂ් අසලම සිහිසුන් විය......

______________🖊️

" නෙදීෂ් තිර්ථ "
මං බලන හිටියේ ඒ නමට පහලින් තිබුනු රූපය දිහා..
අතේ තිබුනු ලීලි මල් පොකුර ඒ සොහොන් කොත අසලින් තිබ්බ මං කරේ ඉටිපන්දම් කීපයක් පත්තු කරපු එක,

ඉටිපන්දම් එළිය වැටුනු පිංතුරයේ තිබ්බ රූපය දෙස නෙත් අල්වාගෙන හිටිය අකීල්ගේ දැස් වලින් එක දෙක කදුළු වැටුණා....

මුව පිරි අහිංසක හිනාවක් එක්ක තිබුනු ඒ පිංතූරය හරි ලස්සනයි .

අවුරුදු තුනක් ........
ඔහුන් තමා තනි කර ගොස් අවුරුදු තුනක් ගෙවි ගොස් අවසන් ,

අකීල්ට තාමත් දැනෙන්නේ අද ඊයේ වගේ......

අකීල්ගේ ජිවිතේ පුරුද්දක් වෙලා , හැම සතියේම මෙතනට එන එක.....

කොච්චර හිත හදාගෙන හිටියත් අකීල්ට මෙතනදීනම් ඔහුගේ හිත ඔහුට අවනත නෑ.....

ඒකපාර්ශිකව තමාට ප්‍රේම කල ඔහුගේ මිතුරා⁣ගේ වෙන්විම තවමත් ඔහුගේ හිතට ලොකු බරක් ,
සමහර විට ඒක එච්චර රිදෙන්නේ ,
ඔහු තමාට අසීමිතව ප්‍රේම කල නිසාද කියලා අකීල් වෙලාවකට කල්පනා කරනවා......

' ඔයාට ගොඩක් ඒක රිදුනද නෙදුවෝ... ?
ත නි ය ම ආදරේ කරන එක ? ම්ම් '

පහසු නැ...කෙනෙක් ඒකපාර්ශිකව ආදරේ කරනවා කියන එක,
පුරුද්දක් වෙනකන් ඒක හරි අමාරු වේදනාවක් ....
අකීල් ඒක දන්නවා .

නේදීෂ් කියන්නේ ඒක තනියම දරාගත්තු කෙනෙක් ,
තමගේ ආදරේ වෙනුවෙන් උපරිම සාදාරණයක් කරපු කෙනෙක් .......
අවසානයේ ඔහු ජිවිතේ දුන්නා , අකීල් වෙනුවෙන්

" ඔයා⁣ට කවදාහරි ලැබෙන්න ඕනි මං වගේ කෙනෙක් නෙවේ නෙදී.......
ගො..ඩ..ක් හොද කෙනෙක් ,"

🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete  )Donde viven las historias. Descúbrelo ahora