අකීල්ගේ දෙනෙත් නැවත තෙත් වන්න වුයේ ඔහුගේ ජංගම දුරකථනයේ ඉදිරිපස පිංතුරය දුටු විටයි....
ඔහුන් දෙදෙනාගේ සෙල්ෆි ඡායාරූපයක්....
මේ ඔහුන් සතුටින්ම සිටි කාලේ නොවෙද ?
_____________🖋️
වේලාව රාත්රි අටේ කනිසම වදිද්දි තවමත් අකීල් ඉන්නේ කාර්යාල කුටියේන් එපිටට නෙත් අල්වා කල්පනා බරිතවයි...
නිමක් නැතිව එක සීරැවට ඇද හැලෙන මුරුගසන් වැස්ස අකීල්ගේ හිතට ගෙනවා ආවේ මුසල පාළුවක්..
" තෙ...වා...න් !!! "
අකීල් තිගැස්සුනේ ඒ හඬට,
" අ භි න් ස් ? "
අකීල්ගේ දැස් පුදුමයෙන් මහත් වුයේ ඇවිත් සිටි දෙදෙනා දකිද්දි .....
සහේශ්ගේ මිතුරා සහ ඔෆිසර් විහස්....
ඔහුන් කුමක් නිසාද මේ රාත්රියේ තමා සොයා පැමිණියේ ." ..........."
" Take a sit , Abhinsa "
" No need, ජනා කොහෙද ඉන්නේ ? "
" මට තේරුණේ නෑ..? අභින්ස ඔයා කියන දේ "
" මං ඇහුවේ ජානුල්ය කොහෙද ඉන්නේ කියලා ,"
අකීල් මද වේලාවක් නිහඬව සිටියේ , ඇත්තටම සහේශ්ව තමන් රැගෙන් ආ බවක් කවුරුත් නොදන්නා නිසා..
" කොහොමද දන්නේ එයා හිටියේ මං ළඟ කියලා ? "
" විකාර කරන්න එපා මිස්ටර් තෙවාන් ......
එයාගේ මොබයිල් ලොකේශන් පේන්න්නනේ මෙහේ,
අනික මොනවද මෙතන වෙන්නේ කියනවද මට "" එයාගේ මොබයිල් එක මං ලග තමා තියෙන්නේ ,
ඒත් සහේශ් ගිහින් ගොඩක් වෙලා "" මොකක් ?......
මෙනවාද අයිසේ තමුසේ මේ කියන අග මුල නැති බයිලව..."මෙතන වෙන දේ ගැන කිසි තේරැමක් නැති නිසා අකීල් මුල ඉදන් විස්තර කලේ වෙච්ච දේ...
" මොකක් ද යකෝ උඹ කීවේ...? උඹට ඌගේ ජිවිතේ සෙල්ලමක්ද බ#%¥®£ .......
ඌට මොනවාහරි වෙලා තිබුනොත් සත්තයි මං උඹව මරනවා තෙවාන් ! "
आप पढ़ रहे हैं
🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete )
रोमांस🍁 මෙලොව සිදුවන හැම හමුවිමක්ම අහම්බයක් නොවේ...... ඒ සෑම හමුවීමකටම හේතුවක් ඇත, සමහර විට එය ඔබේ ඉරණම ද විය හැක ....... 🥀