P𝚊𝚛𝚝 0️⃣8️⃣ 🍁 Bounce 🍁

903 152 12
                                    

" එහෙනම් පරිස්සමෙන් ගිහින් ඇවිත් මට කෝල් එකක් දීපන් ජනා."




ජානුල්‍ය ඔහුට හා යැයි පවසමින් වාහනයට ගොඩ වුයේ ඔහුන් බලන්න යන්න ......

මද දුරක් ගොස් පාරේ අයිනක වෙන්න තිබු flower shop එකක් ළඟ වාහනය නැවතු ඔහු ඉන් බැස ගත්තේ .....
හිස් අතින් ඔහුන්ම බලන්න යන්න අකමැති නිසා..

නිකමට අහලා බලන්න කෙනෙක්ගේන්...රතු කහ සුදු රෝස මේ වගේ රෝස මල් වලින් කැමතිම පාට මොකක්ද කියලා .....

සීයට අනුවකටත් වැඩිය අය කියයි රතු රෝස කියලා ..

නමුත් , ජානුල්‍යට මතකයි......
ඔහුගේ මවගෙන් මේ ප්‍රශ්නය ඇසුවොත් ලැබෙන පිළිතුර, ඒ සුදු රෝස..

හැමදාමත් ඇය කැමති වුනේ සුදු රෝස වලට වෙද්දි .....
එතන තිබුන ලස්සනම සුදු රෝස පෙකුර ඔහු ගත්තේ ඈ වෙනුවෙන් ......

නර්මලත්වය, අහිංසකකම වගේම සදාකාලික ආදරයට සුදු රෝස අරුත් දෙද්දි ........ජානුල්‍ය කල්පනා කලේ තම මව එයට කැමති වීමට එයම හේතුවක් වෙන්න ඇති කියා...

නගරට තරමක් ඈතින් වෙන්න ඔහුන් සිටන නිසා එතනට ලගා වීමට ජානුල්‍ය පැය කීයක් ගතවිනි.

බැස යන හිරැගෙන් රත් පැහැ ගැනුවු අහස දෙස බලමින්,
රෝස පොකුර තුරැළු කොටගෙනම ඔහු ලං වුයේ මවත් පියත් මිහදන් කර ඇති ස්ථානයට.

අද දෙදනාම එකම තැන සුවෙන් සැතපිලා...
මව කැමති දේට පියත් , පියා කැමති දේට මවත් කැමති බව දන්නා ජානුල්‍ය දෙදෙනාටම මැදි වෙන්න මල් පොකුර තැබුවේ ........
ඔහුගේ දැසේ සිහින් කඳුළු පටලයකින් වැසි යද්දී .

' අම්මේ..! චුටි පුතා ආවා තාත්තේ...!

' තරහා වෙලාද මා එක්ක...ම්ම්...?
එන්න පරක්කු වුනාට .....
' මං දන්නවා , ඔයාලා මං දිහා බලාගෙන හිටියේ කියලා ...
ඉතින් ඒක නිසා පුතා එක්ක තරහා නෑ නේද ? '

ජානුල්‍ය තනියම දොඩමළු වෙන්නේ ඔහුන් එක්ක....
අහන් ඉන්න ළඟ නොහිටියත් ...... මේ ජානුල්‍යගේ දන්න කාලයක ඉදන් තියන පුරැද්දක්.

' ඔයාලට මාව මතක් වුනාද අම්මා .....?
මට නම් ගොඩක් මතක් වෙනවා තාත්තේ ඔයාලව '

🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete  )Место, где живут истории. Откройте их для себя