P𝚊𝚛𝚝 1️⃣0️⃣

893 136 9
                                    


" ඒ ගැන අපි කතා නොකර ඉමු සහේශ් ,
දැන් ටිකක් නිදාගන්න ම්ම්.."

┄ॱ॰⋆❀❀❀┈এ⁰ ┈┈┄┈┈┈┈┈

🍁#ජානුලය

ජානුල්‍යට මතක් වුනේ එදා සිදුවීම...
තාමත් ඒ වේදනාත්මක හඬ කන් වල දෝංකාර දෙනවදෝ ඔහුට හිතුනා...

එදා අනතුර සිදු වීමෙන් පසුව තමා සිහි සුන් වන තුරුම ඇහුණේ , තමා නිසා අනතුරට පත් වු ඔහුගේ වේදනාත්මක කෑ ගැසිම වෙද්දී .......

එදා ජානුල්‍ය සිහිසුන් වුයේ , ඒ හඬ තම හදවතේ අන්තයේම තැන්පත් කරවාලමින් ,

එදායින් පසු කීප විටක් යතුරුපැදියක් අතට ගන්න සුදානම් වු හැම මෙහොතකම ඒ හඬ තමාව දුර්වල කලේ ,
හදවතේ තැන්පත් හඬ ආයේ ආයේ කන් වල දෝංකාර දෙමින් .....

අවසානයේ ඔහු තිරණයක් ගත්තා.......
නැවත යතුරුපැදියක් පදවන්න නොයන බවට,
නමුත්,
ජානුල්‍ය නිකමට හිතුවේ නැ....ඒ කම්පනය වසර දහක් ගෙවුන පසුත් තම මනසට මෙසේ බලපෑම් කරාවී කියා..

****************

දින සති ඉක්මවා කාලය ගෙවුනේ ඔවුනොවුන්ගේ ජිවිත වල පරිඡ්චේද කීපයක් ලියවමින් නව පරිඡ්චේද පිටු එක්කරමින් ..

🍁⁣#තෙවාන්

කුටියේ ජනල් කවුළුවේ, මදක් මෑත් වී තිබු තිර රෙදි අස්සෙන් ආ හිරු කිරණ, තමා සිටි සුව නින්දට බාධා කරමින් මුහුණ මත පතිත වෙද්දී තෙවාන්ට දැනුනේ තරහක්...

පෙර දින , ඩේ අන්ඩ් නයිට් ෂෝ එකක් අවසන් කර තෙවාන් නිවසට එද්දි පාන්දර හතරත් පසු වී තිබුන නිසා ඔහු සිටියේ තවමත් නිදිමත වෑහෙන දැසින්..

තෙවාන් .......ඔහු දැන් කලක් ඔහුගේ සිහිනයක් වු නර්තන කණ්ඩායමේ නිත්‍ය සමාජිකයෙක් ....
නිකන් නොව කාගේ සිත් ගත් දක්ෂ නර්තන ශිල්පීයක්..
ඔහු අද ඉන්නේ ඔහු දැකි සිහිනය ඉටු කරගෙන..

තම ජංගම දුරකථන ගෙන වේලාව බැලු තෙවාන් ඇදේ ඉන්ද වුයේ දැන් වේලාව උදෑසන නවයත් පසු වී ඇති බව දුටු විටයි......

' ශිට් ........මට මෙච්චර නින්ද ගියානේ,
හේෂ් ගිහින් ඇති දැනටමත් '

🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete  )Tempat cerita menjadi hidup. Temukan sekarang