ඇද අවුල් වෙලා..සපත්තු තැන් තැන්වල..ජිමින්ගෙ ශර්ට් එකේ බට්න්ස් ගැලවිලා...රෙදි හතරවටේ..මගෙ කොණ්ඩෙ අවුල් වෙලා..විග් එක ඇද උඩ..ඔක්කොටම වඩා මන් ඇදන් ඉන්නෙ කොල්ලෙක් වගේ..දැන් මන් ගිහින් දොර ඇරියොත්...

"අපි ඉවරයි.."

මායි ජිමිනුයි එකට මුමුණන කොටම කුකී ආයිත් දොරට ගගහා කෑ ගැහුවා...

"යා නූනා..මේක අරිනවා..මොකද්ද වෙලා තියන්නෙ..ඇයි කෑ ගැහුවෙ..කතා කරනවා..."

"කු..කුකී මේ මීයෙක්...ඔව් ඔව් මීයෙක් කාමරේට ඇවිත්..."

"මෝ..."

ජිමිනුයි කුකී දෙන්නම එක පාට්ට කියද්දි මන් මගෙ එහා පැත්තෙ හිටිය එකාව හොල්ලලා හොද සිහියට ගත්තා...

"මේ අහනවා පාක් ජිමින්..ජීවිතේට ආදරෙයි නං ඉක්මනට මේ වටේ පිටේ තියන බඩු ටිකත් අරන් කොහෙ හරි හැංගෙනවා මේ දැම්ම.."

මන් රහසින් උනත් ටිකක් තදින් කියද්දි ජිමින් ඉක්මනට බිම තිබ්බ සපත්තු අහුලද්දි මාත් එයාට උදව් උනා..

"නූනා...ඔයා මීයන්‍ට බයයිනේ..ඉක්මනට මේ දොර අරින්න..."

"අ..අනී කුකී මට බෑ...ඌ..ඌ ඉන්නෙ දොර ගාව..මට බයයි..."

මන් රෙදි අහුලන ගමන් කෑ ගහද්දි ජිමින් ඇස් පොල් කරන් මන් දිහා බලන් ඉද්දි මන් ඒකට ටොක්කක් ඇනලා බඩු ටික එයාගේ අතට දුන්නම එයා ඉක්මනට ඒ ටික අල්මාරියට දැම්මා...

"ආයිශ්.. නූනා ඌ මොන සයිස් එකෙක්ද.."

"ඌ...ඌ ගොඩාක් ලොකුයි කුකී..අනේ මට බයයි..."

මන් ජිමින් දිහා බලන් ඌගෙ සයිස් එක කියද්දි ජිමින් මට රැව්වා...

"ජිමින් අනිත් පැත්ත හැරෙන්න ඉක්මනට..."

"ඒ.. ඒ මොකටද"

"මට ඇදුම් මාරු කරන්න..."

"මෝ...."

"ආයිශ් කෑ ගහන්න එපා මනුස්සයෝ.."

මන් ජිමින්ගෙ ඔලුවට ගහද්දි හා කන් දෙකක් තියන යක් පැටියා ආයි බෙරිහන් දුන්නා..

"යා නූනා..කවුද ඒ කෑ ගැහුවෙ!! "

"මේ...මේ මම කුකී...අනේ කුක් මාව බේරගන්නකො..."

Without meWhere stories live. Discover now