Chapter 08 ( Last Chapter )

1.2K 235 97
                                    


Tae's pov

මම එහෙමම ගියේ මගේ හා පැටියා ලගට . මං යද්දී මගේ හා පැටියා හදට මොන මොනවදෝ කිය කිය කර්ට්න් එක බදාගෙන අඩනවා.

පව් මගේ අසරණයා.....

ඒත් කෝ ඒ කෙල්ල ?

මං ප්‍රශ්න ගොන්නක් හිතේ තියාගෙන මගේ කුකී ගාවට ගියා.

සමහර විට දැන් මට එයා අයිති නැතුව ඇති .
කොහොම වුනත් අපි දෙන්නා අතරේ කැඩෙන් නැති බැදීමක් තියනවා ...

ඒ යාලුකම ....

" කුකී... "

මම එයාට කතා කරා. ඒත් එයා හද දිහා බලාගෙන හිනාවුණා .

" මගේ හිතත් මාත් එක්ක සෙල්ලම් කරනවා හද මාමේ.... "

මට මං ගැන දැණුනේ ලොකු කේන්තියක්.

මේ එයා වචන කරන්නේ එයාගෙ දුක නේද .... ?
මට තිබ්බා එක මොහොතක් නැවතිලා එයාට කතා කරන්න දෙන්න.

ඒත් මං මෝඩ වුණා ........

" කුකී..... මං ටේටේ... ඔයාගේ ටේටේ... "

මං එයාව තද කරලා බදාගෙන පැත්තකට පේන ඒ රෝස කම්මුල සිපගන්න ගමන් කිව්වා.

ඒ ස්පර්ශයට එයත් ගැස්සිලා වගේ පුදුමයෙන් මං දිහා බලාගෙන හිටියා .

" ටේ...ටේ... ම..මගේ ටේටේ.... ? "

මගේ වගේම එයාගෙත් ඇස් වල කදුළු .

මං එයාට උත්තර නොදී ඔලුව හෙලෙව්වා. ඒ සැනින් එයා මාව බදාගෙන බැන බැනම කෑ ගගහා අඩන්න ගත්තා .

" මෝඩයා .... ඇයි මාව දාලා ගියේ ....

දන්නවද මේ ඇස් දෙක දකින්න කොච්චර පෙරුම් පිරුවද කියන්න .. දන්නවද මං ඔයාව කොච්චර හෙව්වද කියන්න ....

අනේ රත්තරන් කොහෙද හිටියේ ........

ඔයා හිතුවේ මං ආදරේ නෑ කියලා ද........

නෑ නෑ පණ.. මං ආදරේ කරා...

මගේ ආදරේ ඔයා.... ඔයා විතරයි ... "

" ශ්ශ්ශ්ශ් ... අඩන්න එපා මගේ බනී...
දැන් මං ආවනේ..
හැබැයි ........ ඉක්මනට යන්න වෙනවා... "

" යන්න .... ?
හිතන්නවත් එපා ටේහියුන් .......

එක සැරයක් ගියා මදැයි....

යනවකෝ මෝඩ කොටියා බලන්න ... "

" පුහ්.. කවුද කිව්වේ තනියම යනවා කියලා ... මේ සැරේ නම් යන්නේ චූටි හා පැටියෙක් එක්ක....  හ්ම්ම්...... "

" යාආආආ.. මෝඩයා ..... "



එයා මාව බදාගෙන තවත් හයියෙන් ඇඩුවා.

ඔව් මට බිස්නස් වැඩ වලට සිංගප්පු යන්න වෙලා .
හැබැයි මේ ගමන යන්නේ තනියම නම් නෙමේ...


" I love you මගේ බනී... "

" I love you too මගේ මෝඩ කොටියෝ...
මාව දාලා යන්න එපා ටේටේ.... මට ඔයාව ඕනි.... "

" කොහෙවත් යන්නෑ හා පැටියෝ ....
දැන්නම් මේ හා පැටියට මේ කොටියගෙන් ගැලවීමක් නැති වෙයි....... "

" යනවා යන්න වල් කොටියා ... "

එකිනෙකාගේ උනුහුම අතර හුවමාරු වුණු ආදරණීය සිප ගැනීම හමුවේ ඔවුන් සැගවූ ඒ ආදරේ ඔවුන්ව නොසිතූ දිනක එසේ සම්පූර්ණ කරා.









~ THE END ~

















*****************************************

ඉතින් Blind Love ඉවරයි ..

ආයෙත් මගේ රීඩර්ස්ලා ව දකින්න ආස නිසා හදිස්සියේ ආපු අදහසකට ලියවුණු චූටි කතාවක් මේ.

Thank you for reading , voting ,commenting ... ❤️

luvgukv_123


Blind Love || Taekook ( Oneshot ) ( ✔️ )Where stories live. Discover now